චීනයේ නාය යෑමෙන් 91ක් අතුරුදන් | දිනමිණ

චීනයේ නාය යෑමෙන් 91ක් අතුරුදන්

දකුණු දිග චීනයේ ෂෙන් සෙන් නගරයේ සිදු වූ නාය යෑමෙන් අතුරුදන්වූ පුද්ගලයින් සංඛ්‍යාව 91 දක්වා ඉහළ ගොස් තිබේ.

 විදෙස් මාධ්‍ය පවසන්නේ නාය යෑමෙන් නගරයේ කාර්මික උද්‍යානයක පිහිටි ගොඩනැගිලි 33ක් විනාශයට පත්ව ඇති බවයි.

ඒ, සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන ලෙස චීන අග්‍රාමාත්‍යවරයා නියෝග කර ඇත.

අතුරුදන් වූ පුද්ගලයින් සෙවීම සඳහා සහන සේවා මෙහෙයුමක් ද ක්‍රියාත්මක කර තිබේ.

නායයෑමෙන් අනතුරුව මෙම ප්‍රදේශයේ මීටර 6 ක් උසට වර්ගමීටර 60000 ක ප්‍රමාණයක් මඩවලින් වැසී ගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. 

නායයෑම සිදුවීමට  පෙර පුද්ගලයින් දහසකට අධික පිරිසක් එම ප්‍රදේශයයෙන් ඉවත්කරගෙන ඇත.

 

නව අදහස දක්වන්න