තුන් නිවුන් දරුවන් රැක ගන්නට ඔබේ පිහිට අවශ්‍යයි | දිනමිණ

තුන් නිවුන් දරුවන් රැක ගන්නට ඔබේ පිහිට අවශ්‍යයි

කුලියාපිටිය රජයේ මූලික රෝහලෙහි ඉකුත් 05 වැනි දා තුන් නිවුන් දරු උපතක් සිදුව ඇත. එම තුන් නිවුන් දරු තිදෙනා දියණියන් දෙදෙනකු හා පුතෙකි.

අනුක්තයේ බෝධිමුල්ල ප්‍රදේශයේ පදිංචි කේ. හර්ෂනී පුෂ්පකුමාරි (34) හා එම්. එම්. චමින්ද බණ්‍ඩාර (34) එම දරුවන්ගේ මව හා පියා ය. එම මවුපියන්ට වයස අවුරුදු 13ක තවත් දියණියක හා අවුරුදු 9ක පුතකු ද සිටී. මේ දරුවන් හදා වඩාගැනීමට කාරුණික පරිත්‍යාගශීලීන්ගෙන් උදව් උපකාර මවුපියන් අපේක්ෂා කරයි. අවශ්‍ය විස්තර අංක 076-7582727 දුරකතන ඇමතීමෙන් ලබා ගත හැකිය.

කුලියාපිටිය විශේෂ ඩබ්ලිව්. රණසිංහ

නව අදහස දක්වන්න