උඩුනුවර බලයත් එජාපය අල්ලයි | දිනමිණ

උඩුනුවර බලයත් එජාපය අල්ලයි

නාවලපිටිය විශේෂ පෙරමුණේ කුලරත්න

උඩුනුවර ප්‍රාදේශීය සභාවේ නව සභාපති ලෙස එක්සත් ජාතික පක්ෂයේ ටී. එම්. ගාමිණී තෙන්නකෝන් මහතා ඡන්ද 20 ලබාගෙන නව සභාපතිවරයා ලෙස 10 දින රැස්වුණ මංගල සභාවාරයේදී තේරීපත් විය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ යූ. ජී. විජේකෝන් මහතාගේ නම සභාපති ලෙස යෝජනා වුවද ඔහුට ලබාගැනීමට හැකි වූයේ ඡන්ද 18 ක් පමණි.

උපසභාපති ලෙස එක්සත් ජාතික පක්ෂයේ එස්. එම්. එස්. එම්. සෆ්වාන් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බන්දුල සෙනවිරත්න යන මහත්වරුන්ගේ නම් යෝජනා වූ අතර ඡන්ද 22 ක් ලබාගනිමින් එක්සත් ජාතික පක්ෂයේ එස්. එම්. එස් එම්. සෆ්වාන් මහතා තේරීපත් විය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බන්දුල සෙ‍නවිරත්න මහතාට ලබාගැනීමට හැකි වූයේ ඡන්ද 16 ක් පමණි.

උඩුනුවර ප්‍රාදේශීය සභාව සඳහා නියෝජිතයින් 39 දෙනෙක් තේරීපත් වූ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින් 17 දෙනෙක්, එක්සත් ජාතික පක්ෂයෙන් 13 දෙනෙක්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් 06 දෙනෙක්, සමස්ත ලංකා මහජන කොංග්‍රසයෙන් 02 ක්, ‍ජනතා විමුක්ති පෙරමුණේ 01 නියෝජිතයෙක් බැගින් තේරී පත් විය.

මධ්‍යම පළාත් පාලන කොමසාරිස් එච්. එම්. එම්. යූ. බී. හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් මංගල සභා වාරය පැවැත්විණ.

සභාපතිවරයා පත්කිරීම සඳහා විවෘත ඡන්දයක් පැවැත්වූ අතර උපසභාපති තේරීම සඳහා රහස් ඡන්දයක් පැවැත්විය. 

නව අදහස දක්වන්න