එජාප-එජනිස එක්වී සේරුවිල බලය අල්ලයි | දිනමිණ

එජාප-එජනිස එක්වී සේරුවිල බලය අල්ලයි

ත්‍රි/මලය විශේෂ ඒ.ටි.එම්.ගුණානන්ද

ශ්‍රීලංකා පොදුජන පෙරමුණට බහුතර මන්ත්‍රි සංඛ්‍යාවක් සිටියදි පෙරේදා (10) පැවති සේරුවිල ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා තෝරාපත්කර ගැනිමේ ජන්ද විමසිමේදි එක්සත් ජාතික පක්ෂය හා එක්සත් ජනතා නිදහස් සන්ධානය එක්වි එහි සභාපති කම එක්සත් ජාතික පක්ෂයටත් එහි උප සභාපතිකම එක්සත් ජනතා නිදහස් සන්ධානය හිමිකර ගත්තේය.

මේ සදහා පැවති ජන්ද විමසිම පලාත් පාලන කොමසාරිස් එම්.වයි.සලීම් මහතාගේ ප්‍රධානත්වයෙන් සේරුවිල ප්‍රාදේශිය සභා ගර්භයේදි පැවැත්වුණි. ආරම්භයේදි ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රි කොඩිකාර ආරච්චිගේ කුමාරසේන මහතා නැගිට සභාපතිදුරය සදහා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රී කේ.පි.ඒ.චන්ද්‍රකාන්ති මහත්මියගේ නම යෝජනා කල අතර ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී නලින්ද සම්පත් ප්‍රියදර්ශන මහතා ස්ථිර කළේය.එහිදි නැගි සිටි කේ.පි.ඒ.චන්ද්‍රකාන්ති මහත්මිය අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස්විම විශේෂත්වයක් විය.

අනතුරුව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණෙන් සභාපති අපේක්ෂකයා ලෙස වීරසිංහ ආරච්චිගේ ජයසිරි මහතාත් එක්සත් ජතික පක්ෂයෙන් ඇරැව්පොල ගෙදර රණසිංහ බණ්ඩා මහතාත් ඉදිරිපත් වු අතර එහිදි පොදුජන පෙරමුණේ ජන්ද හයක් ලබාගත් අපේක්ෂකයා පරදා එක්සත් ජාතික පක්ෂයේ ජන්ද 10ක් ලබාගත් රණසිංහ බණ්ඩා මහතා ජයග්‍රහනය කළේය.එක්සත් ජාතික පක්ෂ අපෙක්ෂකයාගේ ජයග්‍රහණය වෙනුවෙන් එම පක්ෂයේ මන්ත්‍රීවරු හා එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රිවරු තිදෙනාද ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ හා සමස්ථ ලංකා මහජන කොංග්‍රසයේ මන්ත්‍රිවරු දෙදෙනාද ජන්දය ප්‍රකාශ කළහ.

උප සභාපති තේරිමේදි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කේ.වි.ඒ.චන්ද්‍රකාන්ති මහත්මිය හා ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ නලින්ද සම්පත් ප්‍රියදර්ශන මහතා අතර පැවති තරගයේදි චන්ද්‍රකාන්ති මහත්මිය ජන්ද 10ක් ලබා උප සභාපති විය.පරාජිත අපේක්ෂයා ලබාගත්තේ ජන්ද හයකි.සේරුවිල ප්‍රාදේශිය සභාව සදහා සභික සංඛ්‍යාව 16කි

ඉන් හයක් ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ සතු අතර පහක් එක්සත් ජාතික පක්ෂයටත් , තුනක් එක්සක් ජනතා නිදහස් සන්ධානයටත් ඉලංගෙයි තමිල් අරසුකච්චි හා සමස්ථ ලංකා මහජන කොංග්‍රසයටත් එක් මන්ත්‍රී බැගින් හිමි වි තිබේ. 


නව අදහස දක්වන්න

Or log in with...