වැඩ බලන අැමැතිවරු 4ක් දිවුරුම් දෙති | දිනමිණ

වැඩ බලන අැමැතිවරු 4ක් දිවුරුම් දෙති

 නව කැබිනට් අමාත්‍යවරුන් 4ක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ අද (12 වැනිදා) සවස ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දුන්හ. සරත් අමුණුගම මහතා නිපුණතා සංවර්ධන, වෘත්තීය පුහුණු සහ විද්‍යා තාකෂණ, රංජිත් සියඹලාපිටිය මහතා ආපදා කළමනාකරණ, ෆයිසර් මුස්තාපා මහතා ක්‍රීඩා, මලික් සමරවික්‍රම මහතා සමාජ සවිබල ගැන්වීම්, කන්ද උඩරට උරුමයන් සහ කම්කරු යන ඇමැතිධුරවල මෙසේ දිවුරුම් දුන්හ.

ලබන සතියේ නව කැබිනට් මණ්ඩලය පත්කරන තෙක් තාවකාලික අමාත්‍යවරුන් ලෙස මේ සිවුදෙනා දිවුරුම් දුන්නේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවට සහාය ලබා දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැබිනට් ඇමැතිවරුන්, රාජ්‍ය ඇමැතිවරුන්, නියෝජ්‍ය ඇමැතිවරුන් සහ නියෝජ්‍ය කතානායකවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරුවලින් ඉවත්වීමට ගත් තීරණය අනුව එයට අනුමැතිය ඊයේ (11දා) ලබා ගැනීමෙන් අනතුරුවය.

නව අදහස දක්වන්න