ෆෙයා­ෆස්ට් ඉන්ෂු­ව­රන්ස් IWMI සමඟ සම-හවු­ල්කා­රී­ත්ව­ය­කට | දිනමිණ

ෆෙයා­ෆස්ට් ඉන්ෂු­ව­රන්ස් IWMI සමඟ සම-හවු­ල්කා­රී­ත්ව­ය­කට

ජාත්‍යන්තර ජල කළමනාකරණ ආයතනය(The International Water Management Institute –IWMI) පසුගිය දා ෆෙයාෆස්ට් ඉන්ෂුවරන්ස් සමාගම සහ එපික් රිසර්ච් ඇන්ඩ් ඉනොවේෂන්ස් සමාගම සමඟ එක්වී ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම රක්ෂණ අංශය සම්බන්ධ වැඩමුළුවක් සංවිධානය කිරීමට කටයුතු කළේය. මෙරට කෘෂිකර්මය සහ ග්‍රාමීය සංවර්ධනය සඳහා රක්ෂණ ක්ෂේත්‍රයට දැක්විය හැකි දායකත්වය සම්බන්ධයෙන් ක්ෂේත්‍රයේ විවිධ පාර්ශ්වකරුවන් දැනුවත් කිරීම මෙහි අරමුණ වී තිබිණි.

ශ්‍රී ලංකාව ඇතුළුව සමස්ත ලෝකයේම කාලගුණ තත්ත්වයන් සැලකිය යුතු ලෙස වෙනස් වෙමින් පවතින පසුබිමක් තුළ බොහෝ ආයතන කෘෂිකර්මාන්තයේ අවදානම් කළමනාකරණය සම්බන්ධයෙන් තම අවධානය යොමුකර ඇත. 2000 වසර සහ 2017 වසර අතර ජලගැලීම් සිද්ධි 33ක් වාර්තා වී ඇති අතර, එමගින් මිලියන 8.736 ක ජනතාවකට බලපෑම් ඇතිවී අමෙරිකානු ඩොලර් බිලියන 2 කට අධික ආර්ථික හානි සිදුවී ඇති බව ජාත්‍යන්තර ජල කළමනාකරණ ආයතනයේ මූලාශ්‍ර මගින් අනාවරණය වේ.

මෙවැනි පසුබිමක් මත කෘෂිකර්මාන්තයට ඇති වන කෙටිකාලීන සහ දීර්ඝකාලීන බලපෑම් අවම කිරීම සඳහා කෘෂිකර්ම රක්ෂණ සේවාවන් මගින් ලැබෙන දායකත්වය සම්බන්ධයෙන් මේ වැඩමුළුවේදී සාකච්ඡාවට ලක්විය.

නව අදහස දක්වන්න