උ/කොරියානු නායක කිම් ජොන්ග් අමෙරිකාව හා සාකච්ඡා කිරීමට සූදානම් | දිනමිණ

උ/කොරියානු නායක කිම් ජොන්ග් අමෙරිකාව හා සාකච්ඡා කිරීමට සූදානම්

 උතුරු කොරියානු නායක කිම් ජොන්ග්- අන් අමෙරිකාව සමඟ සාකච්ඡා සිදු කිරීමට සූදානම් බව ප්‍රථම වරට නිවේදනය කළ බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය මාසයේ දී කිම් ජොන් අන් සමඟ සාකච්ඡා පැවැත්වීමට සූදනාම් බව ප්‍රකාශ කළ ද ඒ පිළිබඳව ඔහු කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීය. කෙසේ වුවත් එම හමුවීම කවදා කීයට සිදු වේදැයි තවමත් අනාවරණය කර නැත.

පසුගිය සඳුදා ට්‍රම්ප් ප්‍රකාශ කළේ තමන් කිම් මහතාව මැයි හෝ ජූනි මාසයේ දී හමුවීමට බලාපොරොත්තු වන බවයි. ඊට අදාළ කටයුතු සම්බන්ධයෙන් උතුරු කොරියාව සමඟ අමෙරිකානු පරිපාලන ආයතන සම්බන්ධ වී සිදු කරනු ඇති බව ද පැවසීය.

කෙසේ වුව ද මේ සාකච්ඡා පැවැත්වුවහොත් උතුරු කොරියානු නායකයකු මුණ ගැසී අමෙරිකානු ජනාධිපතිවරයකු සාකච්ඡා පැවැත්වූ ප්‍රථම අවස්ථාව එය වනු ඇත. 

 

නව අදහස දක්වන්න