චීනය ලෝක ආර්ථික වර්ධනයේ ප්‍රධාන එන්ජිම වෙලා | දිනමිණ

චීනය ලෝක ආර්ථික වර්ධනයේ ප්‍රධාන එන්ජිම වෙලා

 චීනය ලෝක ආර්ථික වර්ධනයේ ප්‍රධාන එන්ජිම බවට පත්ව ඇති බව බෝ ආඕ ආසියා සාකච්ඡා සභාවේ 2018 වාර්ෂික සමුළුවේ ආරම්භක උත්සවයේ ප්‍රධාන දේශනයක් පවත්වමින් චීන ජනාධිපති ෂී ජින් පිං මහතා පැවසීය. චීනයේ ප්‍රතිසංස්කරණ හා විවෘතභාවය පිළිබඳ ප්‍රතිපත්තිය චීන ජනතාවට පමණක් නොව ලෝකවාසීන්ට ද සංවර්ධන අභිවෘද්ධිය ගෙනැවිත් තිබෙන බව චීන ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ගෙවී ගිය වසර 40 තුළ චීනය සංවෘත රටක සිට සම්පූර්ණයෙන් විවෘත රටක් දක්වා පරිවර්තනය වී ඇති බවත් සිය ප්‍රතිසංස්කරණ හා විවෘතභාවය පිළිබඳ ප්‍රතිපත්තිය අනුගමනය කරමින්, චීනය ආසියා මූල්‍ය අර්බුදය හා ගෝලීය මූල්‍ය අර්බුදය වැනි විවිධ බැරෑරුම් අවස්ථාවලදී ප්‍රබල රටක තිබිය යුතු මෙහෙවර මනා ව ඉටු කර තිබෙන බවත් ෂී ජින් පිං මහතා එහිදී කියා සිටියේය. මේ වන විට ලෝක ආර්ථිකය සඳහා චීනය 30%කට වැඩි දායකත්වය ලබාදී ඇති අතර චීනය ලෝක ආර්ථික වර්ධනයේ ප්‍රධාන එන්ජිම බවට පත් ව ඇති බව ඔහු සඳහන් කළේය.

වෙළෙඳ අතිරික්තය අරමුණු කර නොගත් චීනය, අවංක ලෙස විවෘතභාවය ව්‍යාප්ත කිරීමට බලාපොරොත්තු වන බව පැවසූ චීන ජනාධිපතිවරයා චීන වෙළෙඳ‍පොළට ප්‍රවේශ වීමේ මාර්ගය ලිහිල් කිරීම සඳහා මේ වසරේ චීනය වැදගත් පියවර කීපයක් ඉදිරිපත් කිරීමට නියමිත බවත් මූල්‍ය ක්ෂේත්‍රය ඊට ඇතුළත් බවත් මෙහිදී අනාවරණය කළේය.

විවිධ රටවල් ‍අන්‍යෝන්‍ය වශයෙන් ගරු කොට සමානත්වයෙන් සැලකීමේ නියැළී සිටිමින් සංවාද හා සාකච්ඡා පවත්වා වගකීම් පොදුවේ දැරිය යුතු බව ද විවෘතභාවයකින් ‍ලෝක ආර්ථිකය සංවර්ධනය කොට වෙළෙඳ හා ආයෝජන නිදහස්කරණය හා පහසුකරණය ඉදිරිය‍ට මෙහෙයවමින් බහුපාර්ශ්වික වෙළෙඳ ක්‍රමවේද ආරක්ෂා කළ යුතු බව ද ජනාධිපති ෂි ජින් පිං මහතා මෙහිදී අවධාරණය කළේය. 


නව අදහස දක්වන්න

Or log in with...