ද. ආසියා පාපන්දු උප සභාපති තනතුරක් අනුරට | දිනමිණ

ද. ආසියා පාපන්දු උප සභාපති තනතුරක් අනුරට

 ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා මහතාට දකුණු ආසියා පාපන්දු සම්මේලනයේ උප සභාපති තනතුරක් හිමි වෙයි. බංග්ලාදේශයේ පැවැති දකුණු ආසියා පාපන්දු සම්මේලනයේදී මේ තනතුර ශ්‍රී ලංකවට හිමිවූ අතර නේපාලයට හා පාකිස්තානයට අනෙක් උප සභාපති තනතුරු දෙක පිරිනැමුනි.

දකුණු ආසියා පාපන්දු සම්මේලනයට ශ්‍රී ලංකාවෙන් මොහොමඩ් රමීස් හා එන්. ටී. ෆාරුක් යන මහත්වරු මෙවර සහභාගී විය. මෙහිදී දකුණු ආසියා පාපන්දු ශූරතාවලිය පිළිබඳ සාකච්ඡාවී ඇති අතර එය බංග්ලාදේශයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. 


නව අදහස දක්වන්න