ශ්‍රී ලාංකිකයින්ට ට්‍රම්ප්ගෙන් සුබ පැතුම් | දිනමිණ

ශ්‍රී ලාංකිකයින්ට ට්‍රම්ප්ගෙන් සුබ පැතුම්

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ශ්‍රී ලාංකික ජනතාවට අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සුබ පතා තිබේ.
 
අමෙරිකා ජනාධිපතිවරයා වෙනුවෙන් එරට වැඩ බලන රාජ්‍ය ලේකම් ජෝන් ජේ සුලිවන් මහතා නිකුත් කළ නිවේදනයක මේ පිළිබඳ සදහන් වේ. 
 
ජනාධිපති ට්‍රම්ප් හා ඇමෙරිකා ජනතාව වෙනුවෙන් උදා වූ සිංහල හා දෙමළ අවුරුද්දේ සියලු ශ්‍රී ලාංකික ජනතාවට සාමය සතුට පිරි නව වසරක් ප්‍රාර්ථනා කරන බව ඔහු නිකුත් කළ නිවේදනයේ සඳහන්ය. ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධනය වෙනුවෙන් සහාය දීමට අමෙරිකාව සූදානම් බව ද දැක්වේ.
 
දෙරට අතර මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කර ගැනීමට උදා වූ අලුත් අවුරුද්දේ අපේක්‍ෂා කරන බව අමෙරිකා රජය සදහන් කරනු ලැබේ. මෙරට සංස්කෘතිය මා සංහිදියාව ආරක්‍ෂා කර ගනිමින් ඉදිරි පරපුර වෙත දායාද කිරීමේ වගකීම ද එම නිවේදනය මගින් පෙන්වා දී තිබේ.
 

නව අදහස දක්වන්න