සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි | දිනමිණ

සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි

දිවයිනේ බොහෝ පළාත්වලට අද(16) සවස 2.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරයි.
 
විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වලට වැසි අපේක්‍ෂිතය. 
 
ඇතැම් ස්ථානවල මි. මී. 75ට වැඩි සාමාන්‍යයෙන් තද වැසි බලාපොරොත්තු වේ.
 
ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේහවල තාවකාලිකව තද සුළං ඇති විය හැකිය. එසේම අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනු ලැබේ. 
 
එසේම ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

නව අදහස දක්වන්න