නුවරඑළිය වසන්ත සැණකෙළියෙන් | දිනමිණ

නුවරඑළිය වසන්ත සැණකෙළියෙන්

 අර්තාපල් උපයෝගී කර ගෙන සැකසූ වු ලොව දිගම කේක් ගෙඩිය නුවරඑළිය ග්‍රෑන්ඩ් හෝටල් චතුරශ්‍රයේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට පෙරේදා (15) පිළි ගැන්වීය.

කි‍ලෝ 380 ක බරකින් යුතු මෙම කේක් ගෙඩිය දිගින් මීටර් 111 කි. ග්‍රෑන්ඩ් හෝටලයේ ප්‍රධාන සූපවේදී ඇතුළු පිරිසක් සැකසු මෙම කේක් ගෙඩිය සඳහා රුපියල් තුන් ලක්ෂ දසදහසක මුදලක් වැය වු බව කලමනාකාරීත්වය පැවසීය. මෙම අවස්ථාවට අගමැතිවරයා සමඟ නුවරඑළිය නගරාධිපති චන්දනලාල් කරුණාරත්න, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මහින්ද දිසානායක මහත්වරුන් ඇතුළු හෝටල් කළමනාකාර නිලධාරීහු සහභාගී වුහ.

ඡායාරූප -නුවරඑළිය සමූහ - සී.මහගමගේ 

නව අදහස දක්වන්න