ඉරාන පාර්ලිමේන්තු කතානායක ශ්‍රී ලංකා සංචාරයකට සුදානම් | දිනමිණ

ඉරාන පාර්ලිමේන්තු කතානායක ශ්‍රී ලංකා සංචාරයකට සුදානම්

 ඉරාන පාර්ලිමේන්තුවේ කතානායක අලී ලරිජානි මහතා, ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට නියමිතය.
 
මෙහෙර් පුවත් ඒජන්සිය වාර්තා කර ඇත්තේ දෙරට අතර පාර්ලිමේන්තු සබඳතා ඇතුළු විවිධ ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව පුළුල් කිරීම  ඉරාන කථානායකවරයාගේ මෙරට සංචාරයේ අරමුණ වී ඇති බවය.
 
එමෙන්ම සිරියාවේ දැනට පවතින යුධමය වාතාවරණය සම්බන්ධයෙන් ද මෙරට  ඉහළ පෙලේ නිලධාරීන් සමඟ අලි ලරිජානි මහතා සාකච්ඡා කිරීමට නියමිතය.
 
මේ අතර ඉරානය සහ ශ්‍රී ලංකාව අතර  සිරකරුවන් හුවමාරු කරගැනීම සඳහා වූ ඒකාබද්ධ ගිවිසුමට එරට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිව තිබේ. ඊයේ පැවති ඡන්ද විමසීමේදී පනතට පක්ෂව ඡන්ද 153ක් හිමිව ඇති අතර පනතට විරුද්ධව ඡන්ද 11ක් ලැබී ඇති බව වාර්තා වේ.
 
ඉරාන සිරකරුවන් 15දෙනෙකු ශ්‍රී ලංකා බන්ධනාගාර තුළ දැනට සිටින අතර ශ්‍රී ලාංකික ජාතිකයින් තිදෙනෙකු ඉරානයේ සිරගත කර ඇත. 
 
මේ වන විට ඉරාන කතානායකවරයා වියට්නාමයේ සංචාරයක නිරතවේ.
 

නව අදහස දක්වන්න