දකුණු වෙරළේ කැස්බෑවන් සංරක්ෂණයට ක‍ාලය ඇවිත් | දිනමිණ

දකුණු වෙරළේ කැස්බෑවන් සංරක්ෂණයට ක‍ාලය ඇවිත්

 

ලංකාවේ දකුණු වෙරළ තීරය කැස්බෑවන් නිරන්තරයෙන් දැක ගත හැකි මුහුදු තීරයක් වුවත් ඒ නිසාම එම වෙරළ තීරයන් තුළදී පාරිසරික මෙන්ම මිනිස් ක්‍රියාවන් නිසා කැස්බෑ සංරක්ෂණයට තර්ජනයක් වී තිබේ .

කැස්බෑ බිත්තර ජාවාරම් කරුවන්ගෙන් මුදා ගැනීමට වනජීවී නිලධාරින් නිරන්තරයෙන් වෙහෙසෙන අතර තුර එම සතුන්ට එල්ලවෙන අනෙකුත් තර්ජනයන් අතර වල් ඌරන්ගේ හා බල්ලන්ගෙන් සිදු වන තර්ජනයන් නිසාද කැස්බෑවන්ට දැඩි තර්ජනයක් එල්ල වී තිබේ .

මේ ආකාරයෙන් කැස්බෑ බිත්තර ජාවාරම්කරුවන්ගෙන් නිදහස් කර ගනිමින් තිබෙන මාතර මිදිගම වෙරළ තීරයේ බිත්තරවලට ඊළඟ තරජනය එල්ල වී ඇත්තේ බල්ලන්ගෙනි.මේ ආකාරයෙන් දිනකට සුනඛයන් 15 - 20 පමණ දෙනකු දිවා රාත්‍රී වෙරළේ සැරිසරමින්, වෙරළේ ඇති බිත්තර කැදලි හාරා,බිත්තර හා මෝරා ඇති බිත්තර තුළ ඇති පැටවුන් කෑමට පුරුදුව ඇති බවට වනජීවී නිලධාරීනහු පෙන්වා දෙති.

සෑම දිනකම කැදලි 2 - 5 ක් පමණ එනම් අඩුම වශයෙන් බිත්තර 200- 500 ක් පමණ ප්‍රමාණයක් මොවුන් විනාශ කරන බව වනජීවී නිලධාරීන්හට නිරීක්ෂණය වී තිබේ .මේ වන විට වඳවීමේ තර්ජනයට ලක්ව ඇති වටිනා සත්ත්වයකු වන කැස්බෑවුන්ගේ අනාගතය, මෙලෙසින් බල්ලන්ගේ ආහාරයක් වීමට ඉඩදීීමට කටයුතු නොකිරීමට ඉක්මනින් කිරීමට කටයුතු යෙදීම අදාළ බලධාරීන් ගේ වගකීම හා යුතුකමක් බව වනජීවී නිලධාරීහු පෙන්වා දෙති .

ලොව පුරා සාගර ආශ්‍රිතව ජීවත් වන අතර ඉන් විශේෂ 5ක් ම අප රටට අයත් මුහුදු සීමාවෙහි වාසය කිරීම අතිශය වැදගත් කරුණක් වන අතර මේ වන විට මොවුන් වඳවීමේ තර්ජනයට ලක්ව ඇති බව ඉතා කණගාටුදායක කරුණකි.

එසේ කැස්බෑවන් දකුණු වෙරළ තීරයේ දී නිරන්තරයෙන් දැනට ඇති ප්‍රදේශ අතර මිරිස්ස , වැලිගම , හබරාදුව , හම්බන්තොට , අංගොඩ , රැකව ,බුන්දල යන ප්‍රදේශයන් පෙන්වා දිය හැකිය

කැස්බෑවුන් පාරිසරික ලෙස වැදගත් වන්නේ මුහුදු තණබිම් පරිසර පද්ධති වල සමතුලිතතාවය ආරක්ෂා කිරීමයි . ගල් කැස්බෑවා මුහුදු තෘණ මත යැපෙන අතර මුහුදු තෘණ වල අධි වර්ධනයක් සිදු වුවොත් එමගින් මුහුදු පතුලට ලැබෙන ආලෝක ප්‍රමාණය අඩු වේ.

මේ තරම් සුවිශේෂ පාරිසරික මෙහෙයක් කරනු ලබන කැස්බෑවුන් විධිමත් ලෙස සංරක්ෂණය කළ යුතු සත්ව කාණ්ඩයක් වන අතර එම සතුන්ට ගොඩ බිමදී සිදුවන ආනාරක්ෂිත තත්වයන්ගෙන් මුදා ගැනීම සඳහා නිසි ක්‍රම වේදයන් සැකසීම වගකිව යුතු නිලධාරීන්ගේ මෙන්ම මහජනතාවගේද යුතුකමක් බව වනජීවී නිලධාරින් පවසා සිටින අතර එමෙන්ම මෙම කැස්බෑවුන් සංරක්ෂණය කරමින් මිනිස් හා නොයෙක් හේතුන් මත තර්ජනයට ලක්ව ඇති මෙම සතුන්ගේ ආරක්ෂාව උදෙසා දිවා රෑ නොබලා කටයුතු කරනු ලබන වනජීවී නිලධාරින්ද පැසසුමට ලක් විය යුතුය.

 

සටහන සහ ඡායාරූප
රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - අම්බලන්තොට සමුහ 

නව අදහස දක්වන්න