GSP බදු සහනය මෙම මස සිට | දිනමිණ

GSP බදු සහනය මෙම මස සිට

මේ මාසයේ සිට GSP බදු සහනය ශ්‍රී ලාංකික අපනයනකරුවන්ට විවෘත බව අමාත්‍ය රිෂාඩ් බදියුදීන් පැවසීය.

ශ්‍රී ලංකාව අමෙරිකාවට සිදුකර ඇති අපනයන ප්‍රමාණය පළමු වරට ඩොලර් බිලියන තුන දක්වා ඉහළ ගොස් ඇති බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ සංඛ්‍යා ලේඛන තහවුරු කර ඇත.

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවක දී රිෂාඩ් බදියුදීන් මෙම කරුණු සදහන් කළේය.

පසුගිය වසරේ දී ශ්‍රී ලංකාව, අමෙරිකා ඩොලර් බිලියන තුනකට ආසන්න වටිනාකමකින් යුත් අපනයන සිදුකර ඇති බව ද මෙහිදී සඳහන් කෙරුණි. ශ්‍රී ලංකාවේ නිෂ්පාදන මිලදී ගත් දෙවන විශාලතම ගැනුම්කරුවා වන්නේ එක්සත් රාජධානියයි. ඩොලර් බිලියන 1.3 ඉක්ම වූ වටිනාකමකින් යුත් අපනයන එක්සත් රාජධානිය වෙනුවෙන් ශ්‍රී ලංකාව සිදුකර තිබේ.

මේ වන විට අමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රතිලාභී රටවල් 120 ක් සඳහා GSP බදු සහනය ලබා දීමට අවසර ලබා දී තිබෙන අතර මෙම දියුණු වෙමින් පවතින රටවල් 120 ක නිෂ්පාදන 5000 ක පමණ ප්‍රමාණයකට, මෙම බදු සහනය අපනයනයේදී හිමිවන බවත් මෙම GSP බදු සහනය යළිත් වරක් මේ අප්‍රෙල් 22වනදා සිට ක්‍රියාත්මක කෙරෙන බවට දැනුවත් කොට ඇතැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

අදහස් 1ක් ඇත

namuth boho pranyrthakayi

නව අදහස දක්වන්න