බෝම්බයක් සහ ආයුධ තොගයක් අත්අඩංගුවට | දිනමිණ

බෝම්බයක් සහ ආයුධ තොගයක් අත්අඩංගුවට

විදේශීය රටක නිෂ්පාදිත අත් බෝම්බයක් සහ තවත් තියුණු ආයුධ කිහිපයක් ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් කණ්ඩායමකින් එක් අයෙකු පසුගිය 17 දින රාත්‍රී 8ට පමණ බෙලිඅත්ත පහලොස් බෝධිය ප්‍රදේශයේදී සැකපිට අත් අඩංගුවට ගත්බව බෙලිඅත්ත පොලීසිය පවසයි.

ස්ථානාධිපති ප්‍ර.පො.ප බී.එම්.එම්.එල් වික්‍රමසිංහ මහතාට ලැබුණු තොරතුරක් මත පොලිස් නිලධාරීන් ත්‍රීරෝද රථය හඹා ගිය අවස්ථාවේදී පොලීසිය දුටු සැකකරුවන් ත්‍රීරෝද රථය සහ අවි ආයුධ දමා පලා ගොස් ඇත.ඔවුන් ලුහුබැඳ ගිය පොලිසිය එක් අයෙකු අත් අඩංගුවට ගෙන ඇත.පසුදා උදෑසන තවත් සැකකරුවෙකු අත් අඩංගුවට් ගෙන ඇත.

සැකකටයුතු තවත් දෙදෙනෙකු අත් අඩංගුවට ගැනීමට නියමිතය.මොවුන් කිසියම් පුදගල ඝාතනයක් සිදු කිරීමට ගමන් කරන්නට ඇතැයි පොලීසිය සැක කරයි.අත් අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ත්‍රීරෝද රථය සහ අවි ආයුධ තංගල්ල අධිකරණයටඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.බෙලිඅත්ත පොලිස් ස්ථානාධිපති ප්‍ර.පො.ප වික්‍රමසිංහ,අපරාධ අංශයේ ස්ථානාධිපති උ.පො.ප නන්දසිරි ගමගේ,පො.කො.(26228)කීර්ති,පො.කො.(73342)කුමාර,පො.කො.රියදුරු (80471)ලසන්ත,යන නිලධාරින් මෙම වැටලීම සිදු කලහ.

@ වලස්ගල සමූහ -ලක්ෂ්මන් කුමාරසිංහ

නව අදහස දක්වන්න