විශාලතම ගුවන් යානය මත්තලට එයි | දිනමිණ

විශාලතම ගුවන් යානය මත්තලට එයි

 ලෝකයේ විශාලම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය මත්තල ගුවන් තොටුපළට ඊයේ (18) පෙරවරු 06.55ට පැමණීමත් සමඟ ශ්‍රී ලංකාවට රුපියල් ‍එක්කෝටි තිස්පන්ලක්ෂයකට වැඩි ආදායමක් ලැබුණු බව මත්තල ගුවන් තොටුපළ  ප්‍රධාන කළමනාකරු උපුල් කලංසූරිය මහතා පවසයි. ශ්‍රී ලංකාවට මෙවැනි ගුවන් යානයක් පැමිණි ප්‍රථම අවස්ථාව මෙය වෙයි.

මේ ගුවන් යානය මැලේසියාවේ සිට කරච්චිය බලා ගමන් කරන අතර කාර්යමණ්ඩලයට විවේක ගැනීම හා ගුවන් යානයට තෙල් ලබාගැනීම සඳහා මත්තල ගුවන් තොටුපළට පැමිණ තිබේ. මුලින් අභ්‍යාවකාශ යානාවක් ලෙස තනා ඇති ගුවන් යානය භාණ්ඩ ප්‍රවාහනය සඳහා මේ වනවිට යොදා ගෙන ඇත. දිගින් මීටර් 84ක් හා පළලින් මීටර් 88 කින් යුත් මෙම ගුවන් යානය ලෝකයේ විශාලතම හා වැඩිම බර සහිත ගුවන් යානය වෙයි.

A A 225 දරන මෙම ගුවන් යානය මත්තල ගුවන් තොටුපළින් ඊයේ රාත්‍රියේ 11.50 පමණ යළි කරච්චිය බලා ගමන් අරඹන බවද උපුල් කලංසූරිය මහතා පවසයි.

නිමල් රාජපක්ෂ, ශීලා උඩුවර, අනුර ප්‍රේමලාල්, අම්බලන්තොට සමූහ
ඡායාරූපය - අම්බලන්තොට සමූහ 

නව අදහස දක්වන්න