සීදූවේ බැංකු මංකොල්ලකරු හඳුනා ගනියි | දිනමිණ

සීදූවේ බැංකු මංකොල්ලකරු හඳුනා ගනියි

ඊයේ(18) පෙරවරුවේ සීදුවේ පිහිටි පෞද්ගලික බැංකුවක දී රුපියල් හයලක්ෂ හැත්තෑපන්දාහක් රැගෙන පලාගිය මංකොල්ලකරුවා සීසීටීවී දර්ශන මගින් හඳුනාගෙන ඇති බව සීදුව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම සිදුවීම පෙරවරු 9.05ට පමණ සිදුවී ඇති අතර කොල්ලකරු පිස්තෝලයක් පෙන්වා නිලධාරීන් බියගන්වමින් මුදල් මංකොල්ලය සිදුකර ආරක්ෂක නිලධාරීන්ද බියවද්දවා පලාගොස් ඇත.

මොහු පිළිබඳ තොරතුරු සොයාගැනීම සඳහා වැඩිදුර විමර්ශන සීදුව පොලීසිය විසින් සිදුකරනු ලැබේ.

නව අදහස දක්වන්න