ඩිජි­ට­ල්ක­ර­ණ­යෙන් කාර්ය­ක්ෂම සේවා­වක් | දිනමිණ

ඩිජි­ට­ල්ක­ර­ණ­යෙන් කාර්ය­ක්ෂම සේවා­වක්

කැනඩා ගේට්වේ සමා­ගමේ කළ­ම­නා­කාර අධ්‍යක් හා ප්‍රධාන විධා­යක නිල­ධාරි ලය­නල් සම­ය­ව­ර්ධන හා චීනයේ ටෙල්ෆෝ සමා­ගමේ සාමා­න්‍යා­ධි­කාරි ෂනි ෂෙංහුවා සෙරෙ­න්ඩිප් කන්ෂ­ල්නස් සමා­ගමේ අධ්‍යක්ෂ සමීර කොළ­ඹගේ ටෙල්ෆෝ සමා­ගමේ වෙළෙඳ කළ­ම­නා­කරු චයි­ලිවී, නිෂ්පා­දන කළ­ම­නා­කරු ගාඕ යුන්ගා යන මහත්ම මහ­ත්මීහු වෙළෙඳ ගිවි­සුම හුව­මාරු කර­ගත් අව­ස්ථාව.

ඩිජිටල්කරණය තුළින් රජයේ සේවා වඩාත් කාර්යක්ෂමව සහ පහසුවෙන් ජනතාවට ලබාදීමට රුපියල් මිලියන 2000ක් වෙන් කිරීම පැසසිය යුතු පියවරකැයි කැනඩා ගේට්වේ සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරි ලයනල් සමයවර්ධන මහතා ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකාව වසර 2025 දී පොහොසත් රටක් බවට පත් කිරීමේ දැක්ම සහිතව රජය ක්‍රියාත්මක කරන ඩිජිටල්කරණ වැඩපිළිවෙළට අවශ්‍ය ඕනෑම තාක්ෂණික හා උපදේශනාත්මක සහාය ලබාදීමට තම සමාගම සූදානම් බව ද සමයවර්ධන මහතා සඳහන් කෙළේය.

ලෝප්‍රකට නවෝත්පාදන තාක්ෂණික විසඳුම් සැපැයීමේ ප්‍රමුඛයකු වන සෙරෙන්ඩිබ් කන්ෂල්නස් කැනඩා (SERENDIB CONSULTANTS CANADA) සමාගමට අනුබද්ධිත මෙරට සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ හා ප්‍රධාන විධායක නිලධාරි ලෙස රජය ගනු ලැබූ මේ සාධනීය ක්‍රියාමාර්ග අගය කරන බව කී සමයවර්ධන මහතා ඊට හැකි අයුරින් දායකවීම පෞද්ගලික අංශයේ අප වැනි වෘත්තීයවේදීන්ගේ යුතුකම බවද අවධාරණය කෙළේය.

ලොව පුරා විවිධ රටවලට නවීන තාක්ෂණික විසඳුම් සපයන ජාත්‍යන්තර පිළිගැනීම ලැබූ සමාගමක අනුබද්ධිත සමාගමක් ලෙස තම සමාගම දේශීයත්වය රැකගෙන, නව ලොව දැනුම රටට ලබාදීමට පෙරමුණ ගන්නා බවද ඒ මහතා කීය.

අනාගතය සඳහා නවෝත්පාදනය (Innovations for tomorrow) යන්න තම සමාගමේ දැක්ම බව ද එය රටක් ලෙස අප රටට ද ඉතාම ගැළපෙන බවත්, පැහැදිලි කළ සමයවර්ධන මහතා කොළඹ, කිංස්බරි හෝටලයේ පැවැති Smartpal 1 නම් වූ තොරතුරු සන්නිවේදන උපකරණය මෙරටට හඳුන්වා දුන්නේය.

අපේ රටේ බොහෝ අංශ තවමත් ප්‍රමාණවත් අයුරින් තාක්ෂණිකකරණයට බඳුන් වී නැහැ. ඒ තත්ත්වය වෙනස් නොවුණොත් අපට තරගකාරී ලෝකය තුළ ඉදිරියට යා නොහැකියි. අනෙක් අතට පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා දිනෙන් දින සංකීර්ණ වෙනවා. ඒ නිසා නව තාක්ෂණය සහ නවෝත්පාදනය සෑම ක්ෂේත්‍රයකටම නැතිව බැරි දෙයක් යැයි ද සමයවර්ධන මහතා කීය.

 

ජයසිරි මුණසිංහ

නව අදහස දක්වන්න