නාග­රික සංව­ර්ධ­න­යට ඩොලර් මිලි­යන 500කට වැඩි ආයෝ­ජ­න­යක් | දිනමිණ

නාග­රික සංව­ර්ධ­න­යට ඩොලර් මිලි­යන 500කට වැඩි ආයෝ­ජ­න­යක්

The One නම් වූ මෙම ව්‍යාපෘ­තිය ඩොලර් මිලි­යන 500 ඉක්ම­වන ආයෝ­ජ­න­යක් වන අතර එම­ඟින් ඍජු­වම රැකියා 3000ක් උත්පා­ද­නය කෙරෙනු ඇත. ව්‍යාපෘ­තිය තුළින් දින­කට ඇමෙ­රි­කානු ඩොලර් 225ක ලාභ­යක් ඉපැ­යීම කොටස් හිමි­යන්ගේ අපේ­ක්ෂා­වයි. සංචා­ර­ක­යින්ට අති සුඛෝ­ප­භෝගී සංචා­රක අත්දැ­කී­මක් ලබා­දෙ­මින් සංචා­ර­ක­යකු යා යුතුම ගම­නා­න්ත­යක් බවට ශ්‍රී ලංකාව පත්කි­රීම මෙම­ඟින් සිදු­කෙරේ.

අක්කර 4.3ක් පුරා විහිදුණු අති සුඛෝපභෝගී, සුපිරිතම ආගන්තුක සත්කාරයක් සහිත, අදහාගත නොහැකි චමත්කාරජනක පරිසරයක පිහිටි අපූර්වතම භෝජන අත්දැකීමක් ලබාදෙන තට්ටු තුනක් පුරා විහිදුණු කාමර 473කින් සමන්විත සුපිරි තරු පහේ හෝටලයක්, අති සුඛෝපභෝගී වෙළෙඳ සංකීර්ණයක්, ව්‍යාපාරික වාතාවරණයන්ට වඩාත් හොඳින් ගැළපෙන වාණිජ කාර්යාල සංකීර්ණයක් මෙන්ම ඉතාමත් අලංකාරව නිමැවෙන සුපිරි නිවාස 638කින් සමන්විත නිවාස සංකීර්ණයක්ද සමඟින් නාගරික සංවර්ධනයේ හැරවුම් ලක්ෂ්‍ය සනිටුහන් කෙ‍රෙනු ඇතැයි අපේක්ෂිත මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ පමණක් නොව ආසියානු කලාපයේම අපේක්ෂා සහගත දැවැන්තම ව්‍යාපෘතියයි.

The One නම් වූ මෙම ව්‍යාපෘතිය ඩොලර් මිලියන 500 ඉක්මවන ආයෝජනයක් වන අතර එමඟින් ඍජුවම රැකියා 3000ක් උත්පාදනය කෙරෙනු ඇත. ව්‍යාපෘතිය තුළින් දිනකට ඇමෙරිකානු ඩොලර් 225ක ලාභයක් ඉපැයීම කොටස් හිමියන්ගේ අපේක්ෂාවයි. සංචාරකයින්ට අති සුඛෝපභෝගී සංචාරක අත්දැකීමක් ලබාදෙමින් සංචාරකයකු යා යුතුම ගමනාන්තයක් බවට ශ්‍රී ලංකාව පත්කිරීම මෙමඟින් සිදුකෙරේ.

“The One නිවාස ව්‍යාපෘතිය ආරම්භ කිරීමටත් පෙර සිටම දේශීයව හා ජාත්‍යන්තරවද ඒ සඳහා විශාල උනන්දුවක් පවතින බව පෙනී යනවා. ව්‍යාපෘතියේ පළමු අදියර සඳහා වෙන්කිරීම් දැනටමත් අවසන් වී ඇති අතර දෙවන අදියර සඳහාද පෙර වෙන්කිරීම් කිහිපයක් මේ වන විටත් සිදු කර අවසන්. මෙය සංවර්ධන කටයුතු සඳහා උරදෙන අපට මෙන්ම සමස්ත ශ්‍රී ලාංකේය ආර්ථිකයම දිරිගන්වන සුළු ව්‍යාපෘතියක්.” The One ව්‍යාපෘතියේ නිල වෙබ් අඩවිය දියත් කිරීමේ මාධ්‍ය හමුවට සහභාගීවෙමින් ව්‍යාපෘතියේ කොටස්කරුවෙකු වන ඇලෙක්ස් ලුවෙල් මහතා ප්‍රකාශ කර සිටියේ ය.

The One ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු 2017 සැප්තැම්බර් මස ආරම්භ කෙරුණු අතර එහි අදියර එකෙහි කටයුතු 2021 දෙසැම්බර් මස අවසන්වීමට නියමිතයි.

නව අදහස දක්වන්න