ඉස්සන් දැල්ලන් රුචි මූදුකරේ අව­න්හල් | දිනමිණ

ඉස්සන් දැල්ලන් රුචි මූදුකරේ අව­න්හල්

විටෙක රළු වූ ද, තවත් විටෙක සිත නිවන්නා වූ ද නවාතැන්පළක් වන මුහුද සැබවින්ම හුදෙක් මිනිසුන්ගේ ජීවිත ජීවත් කරවන ස්ථානයක් බවට පත් ව ඇත.

විටෙක රළු වූ ද, තවත් විටෙක සිත නිවන්නා වූ ද නවාතැන්පළක් වන මුහුද සැබවින්ම හුදෙක් මිනිසුන්ගේ ජීවිත ජීවත් කරවන ස්ථානයක් බවට පත් ව ඇත. ආර්ථිකය සවිමත් කර ගැනීමේ අරමුණින් මුළු ජීවිතයම මුහුදට කැප කරන ධීවර ජ්‍රජාව ද ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තයට සුවිශාල මෙහෙවරක් කරන බව නොරහසකි. අනෙක් රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ පිහිටා තිබෙන මුහුදු ප්‍රදේශය ද සුළු පටු නොවේ.

ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තයේ මෙන්ම සංචාරක කර්මාන්තයේ ද වර්ධනය නිරායාසයෙන් සිදු වේ.

වර්තමානය වන විට Sea Food ආහාර සංස්කෘතිය මඟින් සංචාරක ක්ෂේත්‍රයෙහි විශාල පෙරළියක් සිදු වී ඇත. එසේම සාම්ප්‍රදායික මුහුදු ආහාරවලට අනේකවිධ විපර්යාසයන් සිදු කරන පෙර නොවූ ආහාර පිළියෙළ කරන සූපවේදීන් උපරිම නිර්මාණශිලීත්වය උපයෝගී කර ගන්නේ මහත් අභිරුචියකිනි. ශ්‍රී ලාංකේය ආර්ථිකය සවිබල කිරීමට විදෙස් සංචාරකයන්ගේ පැමිණීම වර්ධනය කර ගැනීමට ද එවැනි සූපවේදීන් රුකුලක් සපයනු ලබයි. නූතනයේ දී ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල අනතර්ජාතික දැනුම උපයෝගී කර ගනිමින් හෝටල් කර්මාන්තයේ නියැළුණු ප්‍රජාවගේ දායකත්වය මගින් Sea Food අවන්හල් සාර්ථකව සිදු කරනු ලබයි.මේ එවැනි අවන්හල් කිහිපයක හිමිකරුවන් දැක් වූ අදහස් එක් කොට තැනූ සටහනකි මේ.

“මීට අවුරුදු 03 කට කලින් 2014 වර්ෂයේ දී තමයි මම ව්‍යාපාරය පටන් ගත්තේ.අපේ ප්‍රධානතම ආහාරය තමයි කකුළුවෝ, ඒ හැරුණම සෑම සී ෆුඩ් එකක්ම තියෙනවා. අපි අපේ ව්‍යාපාරය ආරම්භ කරපු දවසේ ඉඳන් අද වෙනකම් විවිධ වෙනස්කම් කිහිපයක්ම කළා. අපිට ඉස්සර එක සූපවේදියයි හිටියේ. දැන් හතර දෙනෙක් ඉන්නවා. අපේ අවන්හලට දේශීය විදේශීය දෙපිරිසම පැමිණෙනවා. ඒ දෙගොල්ලන්ටම සාධාරණ මිල ගණන්වලට තමයි අපි ආහාරපාන අලෙවි කරන්නේ. අපේ අවන්හලට තියෙන තරගකාරීත්වය අනුව ලොකු මිල ගණන්වලට දෙන්න විඳිහක් නෑ.

අපේ අවන්හල්වලට පැමිණෙන සංචාරකයන්ගේ අවශ්‍යතාවන් ඉටු කරන්න අපිට සංචාරක දෙපාර්තමේන්තුව බලපත්‍ර ලබා දෙන්නේ නෑ. අපිට බියර්, වයින් මිල දී ගන්න බලපත්‍ර ගැනීමේ දී දැඩි අපහසුතාවන්ට පත් වෙනවා. මීගමුවේ සී ෆුඩ් අවන්හල් හොඳ නෑ කියලා කියන්නේ කිසිම පළපුරුද්දක් නැතුව අවන්හල් පටන් ගත්ත අයයි. මෙහේ සංචාරක අවන්හල්වල කිසිම ක්‍රමවේදයක්, පිළිවෙළක් නෑ. ගොඩක් අයට ව්‍යාපාර අත්දෑකීම් නෑ. අපි අපේ සී ෆුඩ් අවන්හල අවුරුදු හතරක් තිස්සේ සාර්ථකව කර ගෙන යන්නේ මම ව්‍යාපාරික අත්දෑකීම් තියෙන කෙනෙක් හින්දයි.

මගේ තාත්තා ධීවරයෙක්. ඔහු උදෙන්ම මුහුදු ගිහිල්ලා නැවුම් මාළු අල්ලනවා. මමත් ඒකමයි මේ වගේ ගුණාත්මක බවින් වැඩි සී ෆුඩ් අවන්හලක් පටන් ගන්න හිතුවේ. ඒ වාගේම මම මගේම කියලා අවන්හලක් පටන් ගන්න ඉස්සෙල්ලා හෝටල් කිහිපයක රැකියා කළා. මම හෝටලයක වේටර් කෙනෙක් විඳිහට වැඩ කරලා අත්දෑකීම් ලබා ගත්තා. තමන් කරන ක්ෂේත්‍රය පිළිබඳ දැන ගත්තොත් තමයි තමන්ගේ ඉදිරි ගමන සාර්ථක වෙන්නේ. දැන් මාව මීගමුව ප්‍රදේශයේ සී ෆුඩ් අවන්හල් දෙකක් හිමි ළාබාලතම ව්‍යාපාරකයා කියලා මිනිස්සු හඳුන්වනවා“ යනුවෙන් මීගමුවේ mr. Crab සී ෆුඩ් අවන්හලේ හිමිකරු වන රුවිනස් නුවන් ප්‍රකාශ කළේය.

තම පරම්පරාවෙන් උරුම කර ගත් දැනුමෙන් අවන්හල් ක්ෂේත්‍රයෙහි අනාගත උරුමකරුවන් වූ පුතුන් බොහෝමයක් මේ අවන්හල්වල හිමිකරුවන් වී ඇත. තම පියවරුන් ලබා ගත් අත්දෑකීම් ඔවුන්ට මහමෙරක් සේ වටින්නේය. පොත පතින් ලබා ගත නොහැකි දැනුමක් ලබා මෙවැනි ව්‍යාපාරයක් සාර්ථකව සිදු කර ගෙන යන ළාබාල ව්‍යාපාරකයන් ද කිහිප දෙනෙක් සීටී.

තංගල්ලෙහි පිහිටා තිබෙන Sea club Restaurant හිමිකරු ඩී. එච්. ශ්‍රීමාල් උදයංග තම අදහස් ප්‍රකාශ කළේ මෙපරිදිය.

“අපේ අරමුණ තමයි විදේශිකයෝ වැඩි දෙනෙක් අවන්හලට ගෙන්න ගන්න එක. අපි සෑම අවුරුද්දක් අවසානයේ දීම අපේ ව්‍යාපාරික අපේක්ෂාවන් සාර්ථකව ගොඩනඟා ගන්නවා. ගුවන් තොටුපළ අසළ තිබෙන සංචාරක හෝටල්වලට පැමිණෙන සංචාරකයන් බොහෝ දෙනෙක් අපේ අවන්හලට පැමිණෙනවා. විදේශිකයන් බොහෝ දෙනෙක් පැමිණියත් අපේ දේශීය අය ඉද හිට හරි ආවොත් අපි ඔවුන්ට සාධාරණ මිල ගණන්වලට ආහාර අවශ්‍යතාවන් ඉටු කරනවා. අපේ සී ෆුඩ් අවන්හල ආරම්භ කරලා දැන් අවුරුදු 05 ක් වෙනවා. ඒ සෑම අවුරුද්දකම අපි විවිධ වෙනස්කම් මඟින් ව්‍යාපාරය සාර්ථක කර ගෙන තියෙනවා. අපේ තාත්තා හැමදාම මාළු අල්ලනවා. ඒවා අරගෙන ඇවිල්ලා විවිධ රසවලට පිසිනවා. “

බොහෝ අවන්හල් හිමියන්ගේ අරමුණ තම අවන්හලට විදෙස් සංචාරකයන් වැඩි පිරිසක් ගෙන්වා ගැනීමය. ඒ හේතුවෙන් ඔවුන් විදේශිකයන්ගේ ආහාර රුචිය වර්ධනය කිරීමට විවිධ ක්‍රමෝපායන් සකස් කරයි. වසරින් වසර විවිධ වෙනස්කම් මගින් ඔවුන් තම ව්‍යාපාර දියුණු කිරීමට උත්සාහ ගන්නේ අනෙක් සී ෆුඩ් අවන්හල්වලට වඩා කුමන හෝ වෙනස්කමක් සිදු කරමිනි. ව්‍යාපාරික ඥානය තුළින් සාර්ථකත්වයට පත් වූ ව්‍යාපාරිකයන් ප්‍රකාශ කරන්නේ එලෙසිනි.

“ 2009 අවුරුද්දේ තමයි අපි සී ෆුඩ් අවන්හල ආරම්භ කළේ. මම නම් දැන් ඇවිත් අවුරුදු දෙක හමාරක් වෙනවා. මේ දවස්වල වැස්ස වැඩි ගතිය හින්දා සංචාරකයන්ගේ පැමිණීම අඩාල වෙලා තියෙන්නේ. සාමාන්‍ය දවසකට නම් සාමාන්‍යයෙන් සංචාරකයන් 50 දෙනෙක් පමණ ඉන්නවා. අපි සාමාන්‍යයෙන් සී ෆුඩ් පෝෂන් එකක් රුපියල් 275, රුපියල් 350 කට පමණ තමයි අලෙවි කරන්නේ යනුවෙන් මීගමුවේ 168 sea food place හි සේවකයකු වන කසුන් සඳහන් කළේය. “

*ඇත්තටම සී ෆුඩ් අවන්හලක් හරියට කළොත් හොඳ ආදායමක් ගන්න පුළුවන්. 1987 අවුරුද්දේ තමයි මම මගේ අවන්හල මුලින්ම ආරම්භ කළේ. නොවැම්බර්- අප්‍රේල් කාල සීමාවේදී තමයි විදේශිකයන් වැඩිපුරම අවන්හල්වලට පැමිණෙන්නේ. මම අපේ පරම්පරාවෙන්මයි සී ෆුඩ් අවන්හල් ආරම්භ කිරීමට පෙළඹුණේ. මම මේ ක්ෂේත්‍රය හොඳින් දන්න හින්දා මේක හොඳින් කර ගෙන යන්න පුළුවන් වෙලා තියෙනවා. යනුවෙන් බේරුවල පිහිටා තිබෙන Sun flower Sea food Restaurant හි හිමිකරු වන එච්. ඩී .කේ සිල්වා පැවැසීය.

ඕනෑම දෙයක් නිවැරැදිව සිදු කරන්නේ කෙලෙස ද? යන මූලික කරුණු සිතේ තබා ගතහොත් ලෙහෙසියෙන්ම දියුණු වීමට හැකි බව ඇතැම් ව්‍යාපාරිකයන් සඳහන් කළේ තම අත්දැකීම් ද ප්‍රකාශ කරමිනි. ඉස්සෝ, දැල්ලෝ, කකුළුවෝ, පොකිරිස්සෝ විවිධ රසයන්ට අනුව වර්ණවත්ව, නෙතට ප්‍රිය දසුනක් ලෙස සකසන සූපවේදීන් සැබවින්ම තම දක්ෂතා ඉස්මතු කරන බව නම් සක්සුදක් සේ පැහැදිලිය.

කළුතර සී ෆුඩ් අවන්හලේ හිමිකරු වන ෆීලික්ස් නිහාල් තම අදහස් ප්‍රකාශ කළේ මෙසේය.

“ මම මීට පෙර පිටරට හෝටලයක රැකියාවක් කළා. ඊට පස්සේ ශ්‍රී ලංකාවට ඇවිල්ලා මමයි, බිරිඳයි අපේම කියලා සී ෆුඩ් අවන්හලක් ආරම්භ කළා. කෘත්‍රිම රසකාරක කිසිම දෙයක් අපේ සී ෆුඩ්වලට අපි දාන්නේ නෑ. දේශීය කුළු බඩුවලින් තමයි සෑම දෙයක්ම පිළියෙළ කරන්නේ. එක කාලයක මගේ අවන්හලට ගිනි තිබ්බා. පස්සේ දැන ගන්න ලැබුණා ඒක කළේ මගේ විරුද්ධවාදියෙක් කියලා. ඒ වාගේ විවිධ අභියෝග බාධක මැද ජය ගත්ත ගමනක් තමයි මම ඇවිල්ලා තියෙන්නේ. ඒ හින්දා අද ඕනම දුකක් විඳ ගන්න ශක්තියක් මට තියෙනවා. මමත් මුහුදු යනවා, මම යන්නේ නැති දවස්වලට යන අයට කියලා ඉස්සෝ, කකුළුවෝ, දැල්ලෝ ගෙන්න ගන්නවා. කෑම වර්ග රසට, පෙනුමට දෙනවා නම් සංචාරකයෝ වැඩියෙන් ගෙන්න ගන්න පුළුවන්. “

සී ෆුඩ් කිවු පමණින් දෙස් විදෙස් සංචාරකයන් අවන්හල්වලට නොපැමිණෙති. අවේණික සූප ශාස්ත්‍ර රස රහස් මගින් ව්‍යාපාරික ප්‍රජාව තම අවන්හල්වලට සංචාරකයන්ගේ පැමිණීම වැඩි කර ගනු ලබයි. සැබවින්ම එය මේ සී ෆුඩ් අවන්හල් දියුණුවීමේ රහසය. කැපවීම, අධිෂ්ඨානය, අත්දෑකීම් මෙන්ම පාරම්පරික ව්‍යාපාරික ඥානය තුළින් මේ අවන්හල් හිමිකරුවන් තම ආර්ථිකය සාර්ථකව ගොඩනඟා ගෙන ඇත.

“මම නම් කියන්නේ මේ සී ෆුඩ් අවන්හල් ක්ෂේත්‍රයට දැනුම සහ නිර්මාණශීලීත්වය අත්‍යවශ්‍ය දෙයක් කියලයි. වැස්ස තදින් තියෙන දවස්වලට නම් සංචාරකයෝ එනවා අඩුයි. පැමිණෙන දෙස් විදෙස් සංචාරකයෝ කැමති ආකාරයට ඒ ගොල්ලන්ගේ ආහාර පිළියෙළ කරලා දෙනවා නම් නැවතත් ඔවුන් අපිව අනිවාර්යයෙන්ම සොයා ගෙන එනවා“ යනුවෙන් ත්‍රිකුණාමලයේ නිලාවෙලී පාරේ පිහිටා තිබෙන Joy sea food Restaurant හි හිමිකරු වන කමල් රාජ් ප්‍රකාශ කළේය.

ශ්‍රී ලාංකේය ආහාර සංස්කෘතිය තුළ“ Sea Food “ආහාර සංස්කෘතිය ප්‍රධානතම උප සංස්කෘතියක් වී ඇත. විදේශයන්හි අන්තර්ජාතික මට්ටමේ සූප ඥානය උකහා ගනිමින් මෙන්ම කලක් විදේශවල හෝටල් ක්ෂේත්‍රයෙහි රැකියාවල නියැළුණු පුද්ගලයන් තම අත්දෑකීම් අකහා ගනිමින් සී ෆුඩ් අවන්හල් ආරම්භ කර සාර්ථකත්වයට පත්ව තිබේ. දිනෙන් දින විවිධ වූ පරිවර්තනයන්ට ලක් වන ආහාර සංස්කෘතිය තුළ

මුහුදු ආහාර ද ඒ හා සමගාමීව වෙනස්කම්වලට භාජනය වේ. ශ්‍රී ලාංකේය ධීවර කර්මාන්තය ශක්තිමත් කරමින් සංචාරක ක්ෂේත්‍රයෙහි අනාගතය පිළිබඳ බලාපොරොතතුවක් තබා ගත හැකි ක්ෂේත්‍රයක් ලෙස ද මෙය හැඳින්වූවාට වරදක් නැත.

සටහන- මදාරා මුදලිගේ

ප කරන ධීවර ජ්‍රජාව ද ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තයට සුවිශාල මෙහෙවරක් කරන බව නොරහසකි. අනෙක් රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ පිහිටා තිබෙන මුහුදු ප්‍රදේශය ද සුළු පටු නොවේ.

ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තයේ මෙන්ම සංචාරක කර්මාන්තයේ ද වර්ධනය නිරායාසයෙන් සිදු වේ.

වර්තමානය වන විට Sea Food ආහාර සංස්කෘතිය මඟින් සංචාරක ක්ෂේත්‍රයෙහි විශාල පෙරළියක් සිදු වී ඇත. එසේම සාම්ප්‍රදායික මුහුදු ආහාරවලට අනේකවිධ විපර්යාසයන් සිදු කරන පෙර නොවූ ආහාර පිළියෙළ කරන සූපවේදීන් උපරිම නිර්මාණශිලීත්වය උපයෝගී කර ගන්නේ මහත් අභිරුචියකිනි. ශ්‍රී ලාංකේය ආර්ථිකය සවිබල කිරීමට විදෙස් සංචාරකයන්ගේ පැමිණීම වර්ධනය කර ගැනීමට ද එවැනි සූපවේදීන් රුකුලක් සපයනු ලබයි. නූතනයේ දී ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල අනතර්ජාතික දැනුම උපයෝගී කර ගනිමින් හෝටල් කර්මාන්තයේ නියැළුණු ප්‍රජාවගේ දායකත්වය මගින් Sea Food අවන්හල් සාර්ථකව සිදු කරනු ලබයි.මේ එවැනි අවන්හල් කිහිපයක හිමිකරුවන් දැක් වූ අදහස් එක් කොට තැනූ සටහනකි මේ.

“මීට අවුරුදු 03 කට කලින් 2014 වර්ෂයේ දී තමයි මම ව්‍යාපාරය පටන් ගත්තේ.අපේ ප්‍රධානතම ආහාරය තමයි කකුළුවෝ, ඒ හැරුණම සෑම සී ෆුඩ් එකක්ම තියෙනවා. අපි අපේ ව්‍යාපාරය ආරම්භ කරපු දවසේ ඉඳන් අද වෙනකම් විවිධ වෙනස්කම් කිහිපයක්ම කළා. අපිට ඉස්සර එක සූපවේදියයි හිටියේ. දැන් හතර දෙනෙක් ඉන්නවා. අපේ අවන්හලට දේශීය විදේශීය දෙපිරිසම පැමිණෙනවා. ඒ දෙගොල්ලන්ටම සාධාරණ මිල ගණන්වලට තමයි අපි ආහාරපාන අලෙවි කරන්නේ. අපේ අවන්හලට තියෙන තරගකාරීත්වය අනුව ලොකු මිල ගණන්වලට දෙන්න විඳිහක් නෑ.

අපේ අවන්හල්වලට පැමිණෙන සංචාරකයන්ගේ අවශ්‍යතාවන් ඉටු කරන්න අපිට සංචාරක දෙපාර්තමේන්තුව බලපත්‍ර ලබා දෙන්නේ නෑ. අපිට බියර්, වයින් මිල දී ගන්න බලපත්‍ර ගැනීමේ දී දැඩි අපහසුතාවන්ට පත් වෙනවා. මීගමුවේ සී ෆුඩ් අවන්හල් හොඳ නෑ කියලා කියන්නේ කිසිම පළපුරුද්දක් නැතුව අවන්හල් පටන් ගත්ත අයයි. මෙහේ සංචාරක අවන්හල්වල කිසිම ක්‍රමවේදයක්, පිළිවෙළක් නෑ. ගොඩක් අයට ව්‍යාපාර අත්දෑකීම් නෑ. අපි අපේ සී ෆුඩ් අවන්හල අවුරුදු හතරක් තිස්සේ සාර්ථකව කර ගෙන යන්නේ මම ව්‍යාපාරික අත්දෑකීම් තියෙන කෙනෙක් හින්දයි.

මගේ තාත්තා ධීවරයෙක්. ඔහු උදෙන්ම මුහුදු ගිහිල්ලා නැවුම් මාළු අල්ලනවා. මමත් ඒකමයි මේ වගේ ගුණාත්මක බවින් වැඩි සී ෆුඩ් අවන්හලක් පටන් ගන්න හිතුවේ. ඒ වාගේම මම මගේම කියලා අවන්හලක් පටන් ගන්න ඉස්සෙල්ලා හෝටල් කිහිපයක රැකියා කළා. මම හෝටලයක වේටර් කෙනෙක් විඳිහට වැඩ කරලා අත්දෑකීම් ලබා ගත්තා. තමන් කරන ක්ෂේත්‍රය පිළිබඳ දැන ගත්තොත් තමයි තමන්ගේ ඉදිරි ගමන සාර්ථක වෙන්නේ. දැන් මාව මීගමුව ප්‍රදේශයේ සී ෆුඩ් අවන්හල් දෙකක් හිමි ළාබාලතම ව්‍යාපාරකයා කියලා මිනිස්සු හඳුන්වනවා“ යනුවෙන් මීගමුවේ mr. Crab සී ෆුඩ් අවන්හලේ හිමිකරු වන රුවිනස් නුවන් ප්‍රකාශ කළේය.

තම පරම්පරාවෙන් උරුම කර ගත් දැනුමෙන් අවන්හල් ක්ෂේත්‍රයෙහි අනාගත උරුමකරුවන් වූ පුතුන් බොහෝමයක් මේ අවන්හල්වල හිමිකරුවන් වී ඇත. තම පියවරුන් ලබා ගත් අත්දෑකීම් ඔවුන්ට මහමෙරක් සේ වටින්නේය. පොත පතින් ලබා ගත නොහැකි දැනුමක් ලබා මෙවැනි ව්‍යාපාරයක් සාර්ථකව සිදු කර ගෙන යන ළාබාල ව්‍යාපාරකයන් ද කිහිප දෙනෙක් සීටී.

තංගල්ලෙහි පිහිටා තිබෙන Sea club Restaurant හිමිකරු ඩී. එච්. ශ්‍රීමාල් උදයංග තම අදහස් ප්‍රකාශ කළේ මෙපරිදිය.

“අපේ අරමුණ තමයි විදේශිකයෝ වැඩි දෙනෙක් අවන්හලට ගෙන්න ගන්න එක. අපි සෑම අවුරුද්දක් අවසානයේ දීම අපේ ව්‍යාපාරික අපේක්ෂාවන් සාර්ථකව ගොඩනඟා ගන්නවා. ගුවන් තොටුපළ අසළ තිබෙන සංචාරක හෝටල්වලට පැමිණෙන සංචාරකයන් බොහෝ දෙනෙක් අපේ අවන්හලට පැමිණෙනවා. විදේශිකයන් බොහෝ දෙනෙක් පැමිණියත් අපේ දේශීය අය ඉද හිට හරි ආවොත් අපි ඔවුන්ට සාධාරණ මිල ගණන්වලට ආහාර අවශ්‍යතාවන් ඉටු කරනවා. අපේ සී ෆුඩ් අවන්හල ආරම්භ කරලා දැන් අවුරුදු 05 ක් වෙනවා. ඒ සෑම අවුරුද්දකම අපි විවිධ වෙනස්කම් මඟින් ව්‍යාපාරය සාර්ථක කර ගෙන තියෙනවා. අපේ තාත්තා හැමදාම මාළු අල්ලනවා. ඒවා අරගෙන ඇවිල්ලා විවිධ රසවලට පිසිනවා. “

බොහෝ අවන්හල් හිමියන්ගේ අරමුණ තම අවන්හලට විදෙස් සංචාරකයන් වැඩි පිරිසක් ගෙන්වා ගැනීමය. ඒ හේතුවෙන් ඔවුන් විදේශිකයන්ගේ ආහාර රුචිය වර්ධනය කිරීමට විවිධ ක්‍රමෝපායන් සකස් කරයි. වසරින් වසර විවිධ වෙනස්කම් මගින් ඔවුන් තම ව්‍යාපාර දියුණු කිරීමට උත්සාහ ගන්නේ අනෙක් සී ෆුඩ් අවන්හල්වලට වඩා කුමන හෝ වෙනස්කමක් සිදු කරමිනි. ව්‍යාපාරික ඥානය තුළින් සාර්ථකත්වයට පත් වූ ව්‍යාපාරිකයන් ප්‍රකාශ කරන්නේ එලෙසිනි.

“ 2009 අවුරුද්දේ තමයි අපි සී ෆුඩ් අවන්හල ආරම්භ කළේ. මම නම් දැන් ඇවිත් අවුරුදු දෙක හමාරක් වෙනවා. මේ දවස්වල වැස්ස වැඩි ගතිය හින්දා සංචාරකයන්ගේ පැමිණීම අඩාල වෙලා තියෙන්නේ. සාමාන්‍ය දවසකට නම් සාමාන්‍යයෙන් සංචාරකයන් 50 දෙනෙක් පමණ ඉන්නවා. අපි සාමාන්‍යයෙන් සී ෆුඩ් පෝෂන් එකක් රුපියල් 275, රුපියල් 350 කට පමණ තමයි අලෙවි කරන්නේ යනුවෙන් මීගමුවේ 168 sea food place හි සේවකයකු වන කසුන් සඳහන් කළේය. “

*ඇත්තටම සී ෆුඩ් අවන්හලක් හරියට කළොත් හොඳ ආදායමක් ගන්න පුළුවන්. 1987 අවුරුද්දේ තමයි මම මගේ අවන්හල මුලින්ම ආරම්භ කළේ. නොවැම්බර්- අප්‍රේල් කාල සීමාවේදී තමයි විදේශිකයන් වැඩිපුරම අවන්හල්වලට පැමිණෙන්නේ. මම අපේ පරම්පරාවෙන්මයි සී ෆුඩ් අවන්හල් ආරම්භ කිරීමට පෙළඹුණේ. මම මේ ක්ෂේත්‍රය හොඳින් දන්න හින්දා මේක හොඳින් කර ගෙන යන්න පුළුවන් වෙලා තියෙනවා. යනුවෙන් බේරුවල පිහිටා තිබෙන Sun flower Sea food Restaurant හි හිමිකරු වන එච්. ඩී .කේ සිල්වා පැවැසීය.

කළුතර සී ෆුඩ් අවන්හලේ හිමිකරු වන ෆීලික්ස් නිහාල් තම අදහස් ප්‍රකාශ කළේ මෙසේය.

“ මම මීට පෙර පිටරට හෝටලයක රැකියාවක් කළා. ඊට පස්සේ ශ්‍රී ලංකාවට ඇවිල්ලා මමයි, බිරිඳයි අපේම කියලා සී ෆුඩ් අවන්හලක් ආරම්භ කළා. කෘත්‍රිම රසකාරක කිසිම දෙයක් අපේ සී ෆුඩ්වලට අපි දාන්නේ නෑ. දේශීය කුළු බඩුවලින් තමයි සෑම දෙයක්ම පිළියෙළ කරන්නේ. එක කාලයක මගේ අවන්හලට ගිනි තිබ්බා. පස්සේ දැන ගන්න ලැබුණා ඒක කළේ මගේ විරුද්ධවාදියෙක් කියලා. ඒ වාගේ විවිධ අභියෝග බාධක මැද ජය ගත්ත ගමනක් තමයි මම ඇවිල්ලා තියෙන්නේ. ඒ හින්දා අද ඕනම දුකක් විඳ ගන්න ශක්තියක් මට තියෙනවා. මමත් මුහුදු යනවා, මම යන්නේ නැති දවස්වලට යන අයට කියලා ඉස්සෝ, කකුළුවෝ, දැල්ලෝ ගෙන්න ගන්නවා. කෑම වර්ග රසට, පෙනුමට දෙනවා නම් සංචාරකයෝ වැඩියෙන් ගෙන්න ගන්න පුළුවන්. “

ශ්‍රී ලාංකේය ආහාර සංස්කෘතිය තුළ“ Sea Food “ආහාර සංස්කෘතිය ප්‍රධානතම උප සංස්කෘතියක් වී ඇත. විදේශයන්හි අන්තර්ජාතික මට්ටමේ සූප ඥානය උකහා ගනිමින් මෙන්ම කලක් විදේශවල හෝටල් ක්ෂේත්‍රයෙහි රැකියාවල නියැළුණු පුද්ගලයන් තම අත්දෑකීම් අකහා ගනිමින් සී ෆුඩ් අවන්හල් ආරම්භ කර සාර්ථකත්වයට පත්ව තිබේ. දිනෙන් දින විවිධ වූ පරිවර්තනයන්ට ලක් වන ආහාර සංස්කෘතිය තුළ

මුහුදු ආහාර ද ඒ හා සමගාමීව වෙනස්කම්වලට භාජනය වේ. ශ්‍රී ලාංකේය ධීවර කර්මාන්තය ශක්තිමත් කරමින් සංචාරක ක්ෂේත්‍රයෙහි අනාගතය පිළිබඳ බලාපොරොතතුවක් තබා ගත හැකි ක්ෂේත්‍රයක් ලෙස ද මෙය හැඳින්වූවාට වරදක් නැත.

 මදාරා මුද­ලිගේ

නව අදහස දක්වන්න