Oxford Elevators සමා­ගමෙන් පාරි­භෝ­ගික හමු­වක් | දිනමිණ

Oxford Elevators සමා­ගමෙන් පාරි­භෝ­ගික හමු­වක්

OEC(Oxford Elevators Co.) සමාගම් සමූහය පසුගිය පෙබරවාරි මස 27 වනදා ඉන්දියාවේ මුම්බායි නගරයේ කොහිනෝර් කොන්ටිනේටල් හෝටලයේදී ‘all india customers meet’ යනුවෙන් පාරිභෝගික හමුවක් සංවිධානය කළේය. පිරිවැය ඉතිරි කරන විකල්ප නඩත්තු ක්‍රම සම්පාදනය කරමින් එම සමාගම මින් වසරකට පමණ පෙර ශ්‍රී ලංකාවේ ද සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කළේය.

අක්කර 10ක භූමි ප්‍රමාණයක වර්ග අඩි මිලියන 1.5ක ව්‍යාපාරික වපසරියකින් යුතු චෙන්නායි නගරයේ විශාලත ම සාප්පු සංකීර්ණයවන Express Avenue, මුම්බායි නගරයේ පිහිටි අක්කර 20ක භූමි ප්‍රමාණයක විහිදුණු දියමන්ති අලෙවිකරුවන් 2,500කට අධික පිරිසකට තෝතැන්නක් වන ලොව විශාලත ම දියමන්ති හුවමාරු මධ්‍යස්ථානය වන Bharath Diamond Bourse, අක්කර 10කට අධික භූමි ප්‍රමාණයක විහිදුණු ඉන්දියාවේ බැංකු, තොරතුරු තාක්ෂණ කාර්යාල, BPO සහ තවත් ආයතන රැසක විශාලත ම ව්‍යාපාරික මධ්‍යස්ථානයක්වන Nirlon Knowledge Park, Mumbai Raheja Construction Group, Wadhwa සමූහයට අයත් මුම්බායි නගරයේ කාර්යබහුල ම තොරතුරු තාක්ෂණ උද්‍යානයක් වන Vishwaroop IT Park, ඉන්දියාවේ විශාලත ම නේවාසික සංකීර්ණයක් වන කොල්කටාහි South City Residency, Manikaran Group ඇතුළු ප්‍රධාන පෙළේ සේවාලාභීන් රැසක් OEC සමාගම Mitsubishi එලිවේටර් සහ එස්කලේටර් නඩත්තු සඳහා පිරිනමන කඩිනම්, විශ්වසනීය සහ වියදම් කාර්යක්ෂම සේවාව මෙහිදී බෙහෙවින් අගය කළහ.

නව අදහස දක්වන්න