ශ්‍රී ලංකා ඉන්ෂු­ව­රන්ස් වෙතින් දිගු කාලීන සේව­ක­යන්ට හර­සර | දිනමිණ

ශ්‍රී ලංකා ඉන්ෂු­ව­රන්ස් වෙතින් දිගු කාලීන සේව­ක­යන්ට හර­සර

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් යනු දශක ගණනාවක් මුළුල්ලේ දිවයිනේ සෑම කොනකටම රක්ෂණය පිළිබඳ පණිවුඩය ගෙනයමින් ර‍ෙට් ජනතාව වෙනුවෙන් විශාල මෙහෙවරක් ඉටුකළ ආයතනයකි. මෙවන් සේවයක් ඉටුකිරීමට හැකියාව ලබා දී ඇති සේවක මඬුල්ල ආයතනය නිතරම ඇගයීමට ලක්කරයි.

ආයතනය වෙනු‍වෙන් දීර්ඝ සේවයක් ලබා දුන් සේවකයන් ඇගයීම සඳහා Òහරසර 2018Ó නමින් උළෙලක් අප්‍රේල් 05 දින කොළඹදී පැවැත්විණි. ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සභාපති හේමක අමරසූරිය මහතා ප්‍රධාන ආරාධිත ලෙස සහභාගි වූ අතර අධ්‍යක්ෂ නිලූ විජේදාස මහතා සහ ආයතනයේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය මේ සඳහා සහභාගි වූහ.

ආයතනයේ සේවක මණ්ඩලයේ සාමාජිකයන් 104 දෙනෙකුට මේ අවස්ථාවේ උපහාර පිදූ අතර ඉන් 11 දෙනෙක් වසර 35 ක් සහ 93 දෙනෙක් වසර 25 ක් සැපිරූ අයයි. ඔවුන් සියල්ලටම සමරු ඵලකයක්, සහතික පත්‍රයක් සහ රන් කාසියක් තිළිණ ලෙස ලැබිණි.

සභාව ඇමතූ අමරසූරිය මහතා වසර 56 ක් ඔස්සේ ආයතනයේ සේවකයන් ආයතනය නගාසිටුවීම සඳහා කළ මෙහෙවර ඇගයූ අතර සම්මානලාභීන්ගේ දායකත්වය වෙනුවෙන් ස්තූති කළේය. ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් වෙත රක්ෂණ ක්ෂේත්‍රයේ සිටින වඩා දැනුම සහ පළපුරුද්ද සහිත කාර්ය මණ්ඩලය සතුවේ. මේ වන විට ක්ෂේත්‍රයේ විශාලතම වත්කම් සම්භාරය ලෙස රු. බිලියන 190 ක් සතුවේ.

නව අදහස දක්වන්න