කළුතර තිස්ස-සිරිකුරුස අවසන් පූර්ව තරගය අද | දිනමිණ

කළුතර තිස්ස-සිරිකුරුස අවසන් පූර්ව තරගය අද

නිරෝෂාන් ප්‍රියංකර

කළුතර තිස්ස මධ්‍ය විදුහල සහ කළුතර සිරිකුරුස විදුහල අතර අන්තර් පාසල් අවුරුදු 19න් පහළ එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරගය අද (20) මොරටුව සාන්ත සෙබස්තියන් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

තිස්ස විදුහල යොහාන් රවිෂ්කගේ නායකත්වයෙන් තරග බිමට පිවිසෙන අතර සිරිකුරුස විදුහල තරගයට එක්වන්නේ මලින්ද ජයෝද්ගේ නායක්තවයෙනි. අර්ධ අවසන් පූර්ව වටයට පෙර වටයේදී කළුතර විද්‍යාලය එරෙහිව කඩුලු 6ක පහසු ජයක් අත්කරගත් තිස්ස විදුහල් ක්‍රීඩකයෝ කටුනේරිය සාන්ත සෙබස්තියන් විදුහල සමග පැවැත්වීමට නියමිතව තිබූ අර්ධ අවසන් පූර්ව වටයේ තරගය නොපැවැත්වීමෙන් නිතරගයෙන් අවසන් පූර්ව වටයට පිවිසියේය.

කළුතර විද්‍යාලය සමග තරගයේදී ලසිත් ද සිල්වා (73) හා නිලුපුල් දර්ශන (54) අර්ධ ශතක රැස් කරමින්ද, රොහාන් සංජය (29/3) පන්දුවෙන්ද දස්කම් දැක්වූහ.

දෙබරවැව ජාතික පාසල අර්ධ අවසන් පූර්ව වටයට පෙර වටයේදී පරාජය කළ සිරිකුරුස විදුහල් ක්‍රීඩකයෝ අර්ධ අවසන් පූර්ව තරගයේදී පානදුර ශ්‍රී සුමංගල විදුහල කඩුලු 3කින් පරාජය කරමින් අවසන් පූර්ව වටයට පිවිසියේය.

එම තරගයේදී සිරිකුරුස විදුහලේ මලින්ද ජයෝද් (82) හා කවිඳු උමයංග (69) අර්ධ ශතක වාර්තා කළ අතර විහාන් ගුණරත්න (30/3) සහ ඩිල්හාර නානායක්කාර (43/3) පන්දුවෙන් දස්කම් දැක්වූහ.

සිරිකුරුස විදුහල් පිල: මලින්ද ජයෝද් (නායක), කවිඳු උමයංග (උප නායක), කලන හරේන්ද්‍ර, නදීර මධුවන්ත, දිනේත ද සිල්වා, ඉයන් දෙවින්. විහඟ ගුණරත්න, ඩිල්හාර නානායක්කාර, සසංක නිර්මාල්, ෂෙරාන් ලක්ෂිත, රුතිල අකලංක, නිර්මාල් ෂාමාල්, නිමන්ත මධුමාල්, පැතුම් ප්‍රනාන්දු, මාර්ක් දීපන, නිර්මාල් දාබරේ (පුහුණුකරු), ප්‍රියන්ත් සමන්ත (ක්‍රීඩා භාර ආචාර්ය)

තිස්ස විදුහල් පිල: යොහාන් රවිෂ්ක (නායක), සතින් හිමාෂ් (උප නායක), නිලුපුල් දර්ශන, රොහාන් සංජය, රමේෂ් මදුසංක, මිතිර තෙනුර, තාරක සඳරුවන්, ලසිත් ද සිල්වා, හේෂාන් ලක්සිත, ධනුක නිෂාඩ්, හර්ෂ සොයිසා, සංචන ලංකා, නිකිල් ශෂ්මික, හේෂාන් උවින්ද, ජනිත් ලක්රුවන්, අෂාන් චනුල, නිරෝෂ් අංජන, සුරේෂ් නිශ්ශංක, සජිත් රිෂාන් (පුහුණුකරු), මහේෂ් චින්තක (ක්‍රීඩා භාර ආචාර්ය)

 

නව අදහස දක්වන්න