සිංහරාජ සහ කන්නෙලිය වනාන්තර ආශ්‍රිත ප්‍රදේශ දියුණු කිරීමට සැලැස්මක් | දිනමිණ

සිංහරාජ සහ කන්නෙලිය වනාන්තර ආශ්‍රිත ප්‍රදේශ දියුණු කිරීමට සැලැස්මක්

සිංහරාජ සහ කන්නෙලිය වනාන්තර කේන්ද්‍රකර ගනිමින් එම වනාන්නර ආශ්‍රිත ප්‍රදේශ දියුණු කිරිමේ පස් අවුරුදු ව්‍යාපෘතියක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කර තිබේ.

ලෝක බැංකු ආධාර යටතේ මෙම පස් අවරුදු ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 450 ක මුදලක් වැයකරන අතර මේ වසර සඳහා රුපියල් මිලියන 65 ක මුදලක් වෙන්කර ඇතැයි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ගාල්ල දිසා වන නිලධාරී මොහාන් හීනටිගල මහතා පැවසීය.

මුහුදුබඩ ප්‍රදේශවලට පැමිණෙන සංචාරකයන් වැඩි වශයෙන් සිංහරාජ සහ කන්නෙලිය වනාන්තර ආශ්‍රිත ප්‍රදේශ වලටත් ගෙන්වා ගැනීම මෙහි ප්‍රධාන අරමුණවී ඇත. ඒ අනුව එම වනාන්තර ආශ්‍රිත ප්‍රදේශවල පානීය ජල පහසුකම් සහ සෞඛ්‍ය පහසුකම් පුලුල් කෙරෙන අතර මාර්ග ඇතුලු වෙනත් යටිතල පහසුකකම්ද පුලුල් කරනු ලැබේ. මේ යටතේ කන්නෙලිය සංචාරක මධ්‍යස්ථානයේ පහසුකම්ද වැඩි දියුණු කිරීමට කටයුතු යොදා ඇත.

එම වනාන්තර ආශ්‍රිත ප්‍රදේශවල ප්‍රජාවගේ ආර්ථිකයද මෙම ව්‍යාපෘතිය යටතේ ඉහළ දැමීමටද වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සැලසුම්කර තිබේ. 

එස් දීයගහගේ දකුණු පළාත් සංචාරක

නව අදහස දක්වන්න