මහියංගණය-දඹාණ අඩුආදායම්ලාභීන්ට නොමිලේ එළ ගවයන් | දිනමිණ

මහියංගණය-දඹාණ අඩුආදායම්ලාභීන්ට නොමිලේ එළ ගවයන්

මහියංගණය-දඹාණ ප්‍රදේශවල ජීවත්වන දිළිඳු පවුල් ගණනාවකට එළ ගවයන් නොමිලේ ලබා දීමේ පින්කමක් පසුගියද පැවැත්විණි. මේ පින්කම පවත්වනු ලැබුවේ තායිවාන ජීවිතය රූපවාහිනී මධ්‍යස්ථානය (The Thaivan Life TV Station), සිංගප්පූරුවේ බෝධිරාජ බෞද්ධ සමිතිය (The Bodhiraja Buddhist Society of Singapore) හා ඇඹිලිපිටියේ ශ්‍රී බෝධිරාජ පදනම යි. දඹාණේ-මාවරාගල ඓතිහාසික ආරණ්‍ය සේනාසනයේ සදහම් සංවර්ධන සමිතිය සහ මීගහකිවුලේ සුගතවංශ නාහිමිගේ මඟ පෙන්වීම ලබන භික්ෂූන් වහන්සේ මේ පින්කමට දායකත්වය ලබා දී තිබුණේ ය. මේ වන විට බෙදා දෙනු ලැබ ඇති ගවයන් ප්‍රමාණය 10126ක් පමණ වෙයි.

 මහවැලි කලාපීය නවරත්න බණ්ඩාර

නව අදහස දක්වන්න