කොටුව මහනුවර විශේෂ දුම්රිය අද සහ 22දා | දිනමිණ

කොටුව මහනුවර විශේෂ දුම්රිය අද සහ 22දා

පාසල් නිවාඩු සමය අවසන්වීම වෙනුවෙන් මඟි ජනතාවගේ ගමන් පහසුව තකා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් විශේෂ දුම්රියක් කොළඹ කොටුව සිට මහනුවර දක්වාත් මහනුවර සිට කොළඹ කොටුව දක්වාත් ධාවනය කිරීමට කටයුතු යොදා තිබේ.

ඒ අනුව කොළඹ කොටුවෙන් අද (20) රාත්‍රී 7.20 ට පිටත්වන දුම්රිය 10.23 ට මහනුවරට ළඟාවීමට නියමිතයි. මහනුවරින් 22 දා පස්වරු 5.25 ට ගමන් ආරම්භ කරන දුම්රිය රාත්‍රී 8.40 ට කොළඹ කොටුවට ළඟාවීමට නියමිත බව ශ්‍රී ලංකා දුම්රිය සේවය පවසයි.

නව අදහස දක්වන්න