මැයි 1 නිවාඩුව 7 වැනි දාට | දිනමිණ

මැයි 1 නිවාඩුව 7 වැනි දාට

ජාතික වෙසක් සතිය අප්‍රේල් 26 දින සිට මැයි 02 වන දින දක්වා යෙදීම හේතුවෙන්, ලෝක කම්කරු දිනය වෙනුවෙන් මැයි 01 අඟහරුවාදා දිනට යෙදී ඇති රජයේ හා බැංකු නිවාඩු දිනය අවලංගු කර ඒ වෙනුවට මැයි දිනය සැමරීම සඳහා මැයි 07 වන සඳුදා දින රජයේ හා බැංකු නිවාඩු දිනයක් බවට රජය ප්‍රකාශයට පත් කර තිබේ.

1971 අංක 29 දරන නිවාඩු පනතේ 10 (1) (ආ) වගන්තියෙන් හා 11 (1) (ආ) වගන්තියෙන් පැවරී ඇති බලතල ප්‍රකාර, ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා විසින් අප්‍රේල් මස 06 වැනි දින ගැසට් පත්‍රය මගින් මේ බව ප්‍රකාශයට පත් කොට ඇත.

මේ අනුව ලෝක කම්කරු දිනය සැමරීම සඳහා මැයි 01 අඟහරුවාදා දිනට යෙදී ඇති රජයේ හා බැංකු නිවාඩු දිනය අවලංගු වෙයි. ඒ වෙනුවට මැයි දිනය සැමරීම සඳහා මැයි 07 වන සඳුදා දින රජයේ හා බැංකු නිවාඩු දිනයක් බවට පත් වෙයි.

සෑම සේවායෝජකයකුම තමා යටතේ සේවයෙහි යොදවා ගෙන සිටින්නාවූ සියලුම කම්කරුවන්ට 1971 අංක 29 දරන නිවාඩු පනත යටතේ සැලකෙන ආණ්ඩුවේ නිවාඩු දවස් පඩි සහිත නිවාඩු දින වශයෙන් දිය යුතුය. මැයි දිනය ද එයින් එක් නිවාඩු දිනයක් වන අතර එබැවින් ඉහත වෙනස්කම වෙළෙඳ නිවාඩු උදෙසාද අදාළ වෙයි.

නව අදහස දක්වන්න