ඉරාන කතානායක ඇතුළු දූත පිරිස කතානායක හමු වෙති | දිනමිණ

ඉරාන කතානායක ඇතුළු දූත පිරිස කතානායක හමු වෙති

ස්වර්ණා විජේකෝන්

ශ්‍රී ලංකාවට පැමිණි ඉරාන පාර්ලිමේන්තුවේ කතානායකවරයා පුමුඛ විශේෂ පාර්ලිමේන්තු දූත පිරිස කතානායක කරු ජයසුරිය මහතා සහ ශ්‍රී ලංකා ඉරාන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සාමාජික මන්ත්‍රීවරුන් සමඟ නිල හමුවීම ඊයේ (19) පාර්ලිමේන්තුවේදී සිදු විය.

ඉරාන කතානායකවරයා ප්‍රමුඛ ධුත පිරිස පාර්ලිමේන්තු මන්ත්‍රී පිවිසුම අසල දී උණුසුම් ලෙස කතානායක කරු ජයසුරිය මහතා විසින් පිලිගැනුනු අතර, මෙම විශේෂ රාජ්‍යත්‍රන්ත්‍රික ධූත පිරිස වෙනුවෙන් දිවා භෝජන සංග්‍රහයක් ද පිරිනැමිනි.

ඉරාන කාතානායකවරයා සහ ශ්‍රී ලංකා කතානායකවරයා අතර විශේෂ ද්විපාර්ශ්වික සාකච්ඡාවක් ද පැවති අතර, මෙහිදී දෙරට අතර සංචාරක කටයුතු ප්‍රවර්ධනය කිරීමේ හැකියාව , ඉරානය හා ශ්‍රි ලංකාව අතර බහුලව සිදුවන තේ, පොහොර, පෙට්‍රොලියම් ආදී වෙළෙඳ කටයුතු, ශ්‍රි ලංකාවේ ආයෝජන අවස්ථා මෙන්ම ඉරාන ශ්‍රි ලංකා අන්තර් පාර්ලිමේන්තු රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ප්‍රවර්ධනය කිරීම ආදිය පිළිබඳව ද අවධානය යොමු විය.

එලඹෙන මැයි මාසයේ සිදුවීමට නියමිත ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ඉරාන සංචාරයේ දී එම කරුණු පිළිබඳව තීරණයන්ට එලඹීම සඳහා වැදගත් ප්‍රවේශයක් මෙම සාකච්ඡාවෙන් ඇති කරගන්න හැකි වූ බව දෙපාර්ශ්වයේම අදහස විය. ශ්‍රි ලංකාවේ ප්‍රධාන තේ ගැනුම්කරුවකු ලෙස තේ මිලදී ගැනීමේදී පවත්වන ලබන විශ්වාසනීය සබඳතා අගය කළ කතානායක කරු ජයසුරිය මහතා එහිදී තවදුරටත් ශ්‍රී ලංකාවට විශේෂ පහසුකම් සැපයීමේ හැකියාව පිළිබඳව අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටියේය.

මෙහිදී ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික හා ධීවර ක්ෂේත්‍රයන්හි ආයෝජනය කිරීමට ඉරාන ආයෝජකයන් දක්වන උනන්දුව පිළිබඳව ඉරාන කතානායකවරයා සඳහන් කළඅතර, ඒ පිළිබඳව අදාළ අමාත්‍යාංශයන්හි අවධානය යොමු කරවන බවද ශ්‍රී ලංකා කතානායකවරයා පැවසීය. ශ්‍රී ලංකා ඉරාන ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමයේ නියෝජනය කරමින් ඒ.එච්.එම්.ෆවුසි, රංජිත් අළුවිහාරේ, සන්දිත් සමරසිංහ, ෆයිසාල් කාසීම් යන මැති ඇමතිවරු එක් වූහ. ඉරාන කථානායක අලි ලරිජානි මහතාගේ නායකත්වයෙන් යුත් ඉරාන ධුත පිරිසට ඉස්ලාමිය ඉරාන පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරුන් වන. මොහොමඩ් අසුආරී මාසනි, මොහොමඩ් එම් ශානිසින්, නසාර් අප්සාලි, සෙයිලාජේලොඩාසෙඩි, මොහොමඩ් ජේප්රි යන අය ඇතුළු ඉරානයේ ඉහළපෙලේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් පිරිසක් එක් වූහ.

නව අදහස දක්වන්න