හොරණ කර්මාන්තශාලාවේ කළමනාකාරවරයා අධිකරණයට | දිනමිණ

හොරණ කර්මාන්තශාලාවේ කළමනාකාරවරයා අධිකරණයට

හොරණ බැල්ලපිටිය ප්‍රදේශයේ රබර් කර්මාන්ත ශාලාවක ඇමෝනියා සහිත විෂ වායුව ශරීර ගත වීමෙන් පුද්ගලයන් පස් දෙනෙකු ඊයේ(19) ජීවිතක්‍ෂයට පත්විය. තවත් 20 දෙනෙකු ප්‍රතිකාර සඳහා රෝහල් ගත කරන ලදි.

මෙම සිද්ධියට අදාළව එම කර්මාන්ත ශාලාවේ කළමනාකාරවරයාව ඊයේ අත්අඩංගුවට ගන්නා ලදි. වයස අවුරුදු 49ක්වන බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචි අයෙකු මෙලෙස අත්අඩංගුවට ගැණුනි.

ඔහු අද(20) දින හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මූලස්ථානය සදහන් කළේය.

නව අදහස දක්වන්න