යාලේ මිස්සක ජීවිතයෙන් සමුගනියි | දිනමිණ

යාලේ මිස්සක ජීවිතයෙන් සමුගනියි

යාල ජාතික වනෝද්‍යානයේ වාසය කළ මිස්සක නම් හස්තියා ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි.

බඳින තුවක්කුවක් පත්තුවීමෙන් ඇතිවූ තුවාල හේතුවෙන් මෙම ඇතා ඊයේ (19දා) උදෑසන මියගොස් ඇත.

සති දෙකක කාලයක් මිස්සක මෙම තුවාලය හේතුවෙන් පීඩා විඳ ඇති අතර ඇතාගේ ඉදිරි වම් පාදයේ හා වම් ඇස ආසන්නයේ තුවාල ඇතිව තිබේ.

මිස්සක අවුරුදු 35ක් පමණ වයස බව කියැවෙයි.

වම් ඇස ආසන්නයේ ඇතිව තිබෙන තුවාල වෙඩි තැබීම හේතුවෙන් ඇතිව තිබෙන බව යාලේ ප්‍රකාශකයෙක් පැවැසීය.

නව අදහස දක්වන්න