ප්‍රතිඵලයක් නොපෙනේ නම් සාකච්ඡාවෙන් ඉවත් වෙනවා | දිනමිණ

ප්‍රතිඵලයක් නොපෙනේ නම් සාකච්ඡාවෙන් ඉවත් වෙනවා

උතුරු කොරියා නායකයා සමග සිදු කිරීමට සැලසුම් කර ඇති සාකච්ඡා ප්‍රතිඵලදායක නොවන්නේ නම් ගෞරවනීය ලෙස ඉන් ඉවත් වන බව ඇමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. උතුරු කොරියාවේ න්‍යෂ්ටික නිරායුධකරණය සම්බන්ධයෙන් උපරිම පීඩනය එල්ල කරන බව ජපාන අගමැති ෂින්ෂෝ අබේ සමග ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ඔහු මෙසේ ප්‍රකාශ කළේය.

සාකච්ඡා සඳහා ෆ්ලෝරිඩා හි පිහිටි ජනාධිපතිවරයා ගේ මාර්- අ-ලගෝ රිසෝට් වෙත අගමැති අබේ පැමිණ සිටී.

උතුරු කොරයා නායකයා හමුවීමට සී. අයි. ඒ අධ්‍යක්ෂ මයික් පොම්පෙ උතුරු කොරියාවේ රහස් සංචාරයක යෙදුණ බව ඊට පෙර ජනාධිපති ට්‍රම්ප් තහවුරු කළේය. එහිදී මයික් විසින් කිම් ජොන්ග්- අන් සමග යහපත් සබඳතාවක් ගොඩ නගා ගත් බවත් එම හමුව ඉතා සුගමව සිදු වූ බවත් ජනාධිපතිවරයා පැවසීය.

කෙසේ වුවත් ට්‍රම්ප් - කිම් හමුව ජූනි මාසයේ දී පැවැත්වීමට අපේක්ෂිත අතර එය පැවැත්වෙන ස්ථානය සහ අනෙකුත් තොරතුරු තවමත් සූදානම් කරමින් පවතින බව වාර්තා වේ.

නව අදහස දක්වන්න