අඟුරුවැල්ලේ ළමා උයනට මාස කිහිපයක සිට ඉබි යතුරු | දිනමිණ

අඟුරුවැල්ලේ ළමා උයනට මාස කිහිපයක සිට ඉබි යතුරු

රුවන්වැල්ල ප්‍රාදේශීය සභාවෙන් පාලනය වන අඟුරුවැල්ලේ ළමා උයන මාස කීපයක සිට එහි ගේට්ටුව වසා ඉබි යතුරු දමා ඇත. එය විවෘත වන්නේ ළදරු පාසල පවත්වන වේලාවන්ට පමණි. තවද මේ උද්‍යානයේ ඔන්චිලි අසළ සහ පොළොවේ සිට ඉහළට සවිකර ඇති ළමා ක්‍රීඩා උපකරණ ඇති ස්ථානවල තණකොළ හෝ ලී කුඩු තිබිය යුතුය. නමුත් මේ තැන්වල බිමට කොන්ක්‍රීට් ගල් අතුරා ඇත. මේ තත්ත්වය ඉතා අවදානම් බව මවුපියෝ කියති. එසේම උද්‍යානය අසල ඇති ආදාහනාගාරයට පරිත්‍යාග ලෙස ලැබෙන මල් පෝච්චිද ළමා උද්‍යානයේ තබා ඇති බවද එය නුසුදුසු ක්‍රියාවක් බවද මේ උද්‍යානයට පැමිණෙන දරුවන්ගේ මවුපියෝ කියති. මේ ගැන අදාළ බලධාරීන් දැනුවත් කළත් මෙතෙක් කිසිම ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවද ඔවුහු කියති.

යටියන්තොට සමූහ කුමාරසිංහ ගුණදාස

නව අදහස දක්වන්න