ළමා දූෂකයන්ට මරණ දඬුවම | දිනමිණ

ළමා දූෂකයන්ට මරණ දඬුවම

ඉන්දියාවේ ළමා දූෂකයන්ට එරෙහිව මරණීය දණ්ඩනය පැනවීමේ යෝජනාව එරට කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

 ඉන්දියාව තුළ ආසන්න සති කිහිපයේ සිදුවූ ළමා අපචාර සහ ඒ හරහා රජයට එල්ල වූ දැඩි අපකීර්තිය හමුවේ ඉන්දීය රජය මෙම දැඩි පියවර ගෙන ඇති බව දේශපාලන විචාරකයෝ පවසති.

ඒ අනුව මෙම නව නීතිය යටතේ වයස අවුරුදු 12 ට අඩු දරුවෙකු ලිංග අපයෝජනයකට ලක්කිරීම මරණීය දණ්ඩනය ලැබිය හැකි වරදක් බවට පත්ව තිබේ.

 වයස අවුරුදු 08ක දැරියක සමූහ දූෂණයට ලක්කර මරා දැමීමේ සිදුවීම සමග රට පුරා ඇවිලෙමින් පැවති විරෝධතා රැල්ල සමග මෙම තීරණය වඩාත් කඩිනමින් ගැනීමට ඉන්දීය රජයට සිදුව තිබේ.  

නව අදහස දක්වන්න