සීගිරිය රාජධානියේ සුපිරි හෝටලයක හිමිකාරයකුවීමේ අවස්ථාව ඔබටත් | දිනමිණ

සීගිරිය රාජධානියේ සුපිරි හෝටලයක හිමිකාරයකුවීමේ අවස්ථාව ඔබටත්

මෙරට ප්‍රමුඛ පෙළේ ඉදිකිරීම් සමාගමක් වන ග්ලෝබල් හවුසින් ඇන්ඩ් රියල් එස්ටේට් (පුද්ගලික) සමාගම (Global Uousing & Real Estate (Pvt.) Ltd.) ලොව 8 වැනි පුදුමය ලෙස සැලකෙන පෞරාණික සීගිරිය රාජධානිය පෙනෙන තෙක් මානයේ පිහිටි අති සුඛෝපභෝගී හෝටල් නිවාස ඒකකයක හිමිකරුවකුවීමේ දුලබ අවස්ථාව දැන් සියලු ශ්‍රී ලාංකිකයන් වෙත උදාකර දී තිබේ.

‘ද ග්‍රෑන්ඩ් හෙරිටන්ස්’ (The Grand Heritance) නමැති මේ අති සුඛෝපභෝගී හෝටල් නිවාස සංකීර්ණයේ ඉදිකිරීම් එරබදු මල් පිපෙන වසන්ත සමයෙහි ආරම්භ කෙරෙන අතර, සාඩම්බර අතීතයක ප්‍රෞඪත්වයෙන් හෙබි ‘සීගිරිය’ අසලින්ම වත්මන් යුගයට ගැළපෙන පරිදි අතිනවීන අංගෝපාංග සහිතව ඉදිකෙරෙන මේ පරිසර හිතකාමී හෝටල් නිවාස සංකීර්ණයේ තමන් කැමැති හෝටල් නිවාස ඒකකය වෙන්කරවා ගැනීමේ අවස්ථාව ගනුදෙනුකරුවන්ට මේ වනවිටත් සලසා ඇතැයි සමාගම පවසයි.

ඉනාමළුව මංසන්ධියේ සිට කිලෝමීටර 1.5 ක දුරින් සහ සීගිරි පර්වතයට කිලෝමීටර 5ක් දුරින් පිහිටි භූමි භාගයක ‘ද ග්‍රෑන්ඞ් හෙරිටන්ස්’ සුඛෝපභෝගී හෝටල් නිවාස සංකීර්ණය පිහිටා තිබේ.


නව අදහස දක්වන්න

Or log in with...