ජනපති ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරයි | දිනමිණ

ජනපති ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරයි

ස්වර්ණා විජේකෝන්

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන අටවැනිදා පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය ආරම්භ කිරිම සඳහා අවශ්‍ය මුලික කටයුතු මේ වනවිට ආරම්භ කර ඇතැයි පාර්ලිමේන්තුවේ ජ්‍යේෂ්ඨ ප්‍රකාශකයෙක් දිනමිණට පැවසීය. ලබන අටවැනිදා දෙවන සැසිවාරය ආරම්භ වන වේලාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අදාළ ගැසට් නිවේදනයට අත්සන්කර ඇත.

පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය ආරම්භ කරමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිය ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිත අතර ත්‍රිවිධ හමුදා උත්තමාචාර‍, ජයමංගල ගාථා ආදිය අවසන් විමෙන් පසුව ජනාධිපතිවරයා මුලසුන ගනිමින් දෙවන සැසිවාරය ආරම්භ කිරීමට නියමිත වේ.පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය ආරම්භ වීමෙන් පසුව හෝ ඊට පෙර පක්ෂ නායකයින් රැස්වි ඉදිරි පාර්ලිමේන්තු රැස්විම් කටයුතු , මෙන්ම පාර්ලිමේන්තුව තුළ ක්‍රියාත්මක වන කාරක සභාවන් වෙත සභිකයින් නම් කරන තේරිම් කාරක සභාව පත්කර ගතයුතු වේ.

අදාළ තේරිම් කාරක සභාව වෙත පත්කරන නියෝජිතයින්ගේ නම් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරිමෙන් පසුව අනුමැතිය ලබාගත යුතු බවද අදාළ නිලධාරියා සඳහන් කෙළේය.

ඉන් පසුව අදාළ තේරිම් කාරක සභාව විසින් අනෙකුත් තේරිම් කාරක සභා වෙත නියෝජිතයින් පත්කිරීම සිදුකරන බවත් අදාළ නිලධාරියා දිනමිණට ප්‍රකාශ කළේය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වැනි ව්‍යවස්ථාවෙන් එතුමා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව 2018 අප්‍රේල් මස 12 වැනි දින මධ්‍යම රාත්‍රියෙහි සිට බලපැවැත්වෙන පරිදි පාර්ලිමේන්තුවේ වාරාවසාන කරන ලදි. 

නව අදහස දක්වන්න