සචින් වාස්ට එරෙහි මිහින් ලංකා නඩුව විභාගය ජූලි 23ට කල් යයි | දිනමිණ

සචින් වාස්ට එරෙහි මිහින් ලංකා නඩුව විභාගය ජූලි 23ට කල් යයි

සිරන්ජනි කුමාරි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සචින් වාස් ගුණවර්ධන මහතා මිහින් ලංකා ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ලෙස සිටිමින් එම සමාගමේ බිම් මෙහෙයුම් කටයුතු ටි.පි.එල් පුද්ගලික සමාගමට ලබා දිමෙන් මිලියන 883 ක් රජයට පාඩු කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් නඩු විභාගය ජූලි 23 වන දිනට කල් තැබිමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් තනුජා ජයතුංග මහත්මිය ඊයේ (24) නියම කළාය.

විත්තියේ නීතිඥ ෂවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් ලේඛන තමන් වෙත නොලැබි ඇති බවත් ඒ සම්බන්ධ නඩු විභාගයට සුදානම් විමට නොහැකි වු බව පවසා අධිකරණයෙන් දින ඉල්ලා සිටිම සලකා බැලිම හේතුවෙන් මෙසේ නඩු විභාගය කල් තැබිණ.

පළමු සාක්කිකරු කැඳවා සාක්කි ලබා දි ඇති අතර සාක්කි ලේඛන ලබා නොදිම සම්බන්ධයෙන් ජනාධිපති නීතිඥවරයා දිගින් දිගටම අල්ලස් කොමිසම චෝදනා කරමින් පැවසුවේ එක් එක් නඩුවකට අදාළ අල්ලස් කොමිසමේ ක්‍රියා වෙනස් බවත් ඇවන්ගාඩ් නඩුවේ දි සාක්කි ලැයිස්තු 208ක් විත්තියට ලබා දිමට කොමිසම එකඟවුවත් මෙම නඩුවේ එසේ ක්‍රියා නොකිරිම ප්‍රශ්නගත බව පැවසීය.

අදාල කරුණු සලකා බැලු මහෙස්ත්‍රාත්වරිය ලේඛන ලබා දිම සම්බන්ධව සොයා බලා වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අල්ලස් කොමිසම වෙත නියෝග නිකුත් කළේය.

වර්ෂ 2007/7/27 සිට 2008/5/29 කාලය තුළ දි මිහින්ලංකා ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සචින් ද වාස් ගුණවර්ධන මහතා ටි.පි.එල් ඉන්ටර් පුද්ගලික සමාගමට අයුතු ලාබයක් නීතිවිරෝධි වාසියක් ලබා ‍දිමේ අරමුණින් ගුවන් සමාගමේ බිමි මෙහෙයුම් කටයුතු එම සමාගමට ලබා දිමේන් අල්ලස් පනතේ 70 වගන්තිය අනුව දූෂණය වරද සිදු කර බවට පවසමින් අල්ලස් කොමිසම 2016/8/16 කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ මෙම නඩුව පවරා තිබිණ.

වර්ෂ 2007 /11/1 සිට මසකට අමෙරිකානු ඩොලර් 223000 බැගින් වසර තුනක් මිලියන 883ක ගෙවීමක් කිරීමෙන් දුෂණ වරද සිදු කර ඇති බව පවසමින් නො.29, ග්‍රෙනියර් පාර , කොළඹ 8, පදිංචි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සචින් ද වාස් ගුණවර්ධන මහතා ට එරෙහිව සාක්කිකරුවන් 30ක් හා නඩු භාණ්ඩ 27 ක් යටතේ මෙම නඩුව පවරා ඇත.

නව අදහස දක්වන්න