කාලගුණ තත්ත්වයේ සුළු වෙනසක් අද සිට | දිනමිණ

කාලගුණ තත්ත්වයේ සුළු වෙනසක් අද සිට

කාලගුණ තත්ත්වයේ සුළු වෙනසක් අද (25) සිට බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කර සිටී.

දිවයිනේ බොහෝ පළාත්වල සවස 02.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සමහර ස්ථානවලට මි.මී.75 ට වැඩි තරමක තද වැසි බලාපොරොත්තු වන බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සදහන් වේ.

නිරිත දිග සහ වයඹ වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි ඇතිවිය හැකි බවත් සබරගමුව සහ මධ්‍යම පළාත්වල සමහර ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බවත්  කාලගුණ අනාවැකියේ දැක්වේ.

ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ඇති වීමේ හැකියාව පවතින අතර අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නැයි දැනුම් දීමක් ද කරනු ලැබේ.

නව අදහස දක්වන්න