කුඩු නඩුවේ සැකකරුවන් යළි බන්ධනාගාරයට | දිනමිණ


 

කුඩු නඩුවේ සැකකරුවන් යළි බන්ධනාගාරයට

ඉරානයට අයත් බහුදින ධීවර යාත්‍රාවකින් හෙරොයින් කිලෝ 116ක් ශ්‍රී ලංකාවට ගෙන එමින් සිටියදී දකුණු මුහුදු තීරයේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සහ නාවික හමුදාව සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමකින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර කර සිටින සැකකරුවන් 17 දෙනා ලබන මැයි මස 09 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවි අද (25) නියෝග කළාය.

සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ විශ්ව විද්‍යාලය මගින් පරිඝණක දත්ත විශ්ලේෂණ වාර්තා දහසකට ආසන්න ප්‍රමාණයක් විමර්ශනය කළ යුතුව ඇති බවත් සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශණ සිදු කරන බවත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අධිකරණයට කියා සිටියේය.

සිද්ධියට අදාළ විමර්ශන පවත්වා ප්‍රගතිය අධිකරණයට දැනුම් දෙන ලෙස මහේස්ත්‍රාත්වරිය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට දැනුම් දුන්නාය.

නව අදහස දක්වන්න