DFCC බැංකුවේ ක්‍රෙඩිට් කාඩ් පෙළ යළිත් | දිනමිණ

DFCC බැංකුවේ ක්‍රෙඩිට් කාඩ් පෙළ යළිත්

DFCC බැංකුව විසින් පසුගිය දා, කොළඹ Cinnamon Grand හිදී සුවිශේෂී උත්සවයක් පවත්වමින් සිය ක්‍රෙඩිට් කාඩ් පෙළ නැවත දියත් කරනු ලැබීය. මේ උත්සවය සඳහා සේවාදායකයන්, ප්‍රසිද්ධ පුද්ගලයන්, අධ්‍යක්‍ෂවරු, ප්‍රධාන විධායක නිලධාරීන්, ඉහළ විධායක නිලධාරීන් සහ ව්‍යාපාරික නායකයන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ. එදින පැවැති උත්සවය තුළ සුවිශේෂී වෙනස්කමක් සිදු කරමින් බැංකුව විසින් පිරිනමනු ලබන ක්‍රෙඩිට් කාඩ් පෙළ නිරූපණය කරනු ලබන ආකාරයෙන් නිර්මාණය කරන ලද විලාසිතා ප්‍රදර්ශනයක් ද (Fashion Show) ඉදිරිපත් කරන ලදී. DFCC බැංකුව විසින් වර්තමානයේ දී අත්පත් කරගෙන ඇති සාර්ථකත්වය වෙනුවෙන් විශිෂ්ට දැක්මක් සමගින් ඉමහත් පරිශ්‍රමයක් දරමින් කටයුතු කරන ලද DFCC බැංකුවේ සේවයේ නිරත වූ ජ්‍යෙෂ්ඨතමයන් ඇගයීමට ලක්කිරීම සංකේතවත් කරමින් පළමු ක්‍රෙඩිට් කාඩ්පත් පෙළ ප්‍රදානය කරනු ලැබුවේ, මින් පෙර DFCC බැංකුවේ සභාපති ධූරය දැරූ රාජන් බ්‍රිටෝ මහතා මෙන්ම ප්‍රධාන විධායක නිලධාරීන් ලෙස කටයුතු කළ මොක්සෙවි ප්‍රෙලිස් මහතා, නිහාල් ෆොන්සේකා මහතා සහ අර්ජුන් ප්‍රනාන්දු යන මහත්වරුන් සහ DFCC වර්ධන බැංකුවේ මින් පෙර ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කළ එල්. ජී. පෙරේරා මහතා වෙතයි. එසේ, එම තිළිණ ප්‍රදානය කරනු ලැබුවේ DFCC බැංකුවේ සභාපති රෝයිල් ජෑන්ස් මහතා සහ ප්‍රධාන විධායක නිලධාරී ලක්ෂ්මන් සිල්වා මහතා සහ නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී තිමාල් පෙරේරා මහතා විසිනි.


නව අදහස දක්වන්න

Or log in with...