නෙස්ලේ ලංකා අලුත් අවුරුද්ද සමරයි | දිනමිණ

නෙස්ලේ ලංකා අලුත් අවුරුද්ද සමරයි

නෙස්ලේ කළමනාකාර අධ්‍යක්ෂිකා, ෂිවානිහෙග්ඩ් මහත්මිය නෙස්ලේ කළමනාකරණ කමිටුවත් සමඟ ගනුදෙනු චාරිත්‍රයේ නිරත වූ අයුරු

නෙස්ලේ සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂිකා ෂිවානි හෙග්ඩේ මහත්මිය සහ සෙසු කාර්ය මණ්ඩල සාමාජිකයෝ, පසුගියදා නෙස්ලේ ප්‍රධාන කාර්යාලයේදී සිංහල හින්දු අලුත් අවුරුදු උදාව සමරනු ලැබූහ. සාම්ප්‍රදායික අලුත් අවුරුදු ආහාර මේසයෙන් ආරම්භ වුණු අලුත් අවුරුදු වැඩසටහනට පොල්තෙල් පහන දැල්වීම, කිරි ඉතිරවීම, ගැමි ගෙදර තුළ ගනුදෙනු කිරීම ආදී චාරිත්‍ර එක් කර තිබුණි.

ඊට අමතරව, සාම්ප්‍රදායික හා සාම්ප්‍රදායික නොවන අලුත් අවුරුදු ක්‍රීඩා වන කණාමුට්ටි බිඳීම, කොට්ට පොර, කැට ගැසීම, අලියාට ඇස තැබීම, පොල්ගෑමේ තරගය, ඔංචිලි පැදීම, හැන්ද මත දෙහි ගෙඩිය තබාගෙන යාම, නෙස්ටමෝල්ට් පානය කිරීමේ තරගය ආදිය ද මෙහිදී පැවැත්විණි.

එමෙන්ම වසර ගණනාවක් පුරා ශ්‍රී ලංකාවේ අලුත් අවුරුදු සැමරුම්වලට බලය, ජවය හා ශක්තිය ගෙනා නෙස්ටමෝල්ට් වෙළෙඳ නාමය හරහා සුපුරුදු පරිදි මෙවරත්, රට පුරා අලුත් අවුරුදු උත්සව (බක්මහේ රන් කැදැල්ල) 150කට වැඩි ප්‍රමාණයකදී මිලියන ගණනක් පාරිභෝගිකයන් හා එකට එක්වෙමින් අලුත් අවුරුදු සැමරීමට ද නෙස්ලේ සමාගම කටයුතු කළේය.


නව අදහස දක්වන්න

Or log in with...