‘පැසිෆික් සහයෝගිතාව සාර්ථක කරගන්න අපගේ දායකත්වය ලබා දෙනවා’ | දිනමිණ

‘පැසිෆික් සහයෝගිතාව සාර්ථක කරගන්න අපගේ දායකත්වය ලබා දෙනවා’

මහින්ද අලුත්ගෙදර

2018 පැසිෆික් සහයෝගිතාව යටතේ මේ කලාපයේ ආරක්ෂාව වෙනුවෙන් පවත්නා පොදු වගකීම් ද එය සාර්ථක කරගැනීම සඳහා අපගේ දායකත්වය ද සනිටුහන් කරන බව ශ්‍රී ලංකාවේ අමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී රොබර්ට් හිල්ටන් මහතා ප්‍රකාශ කරයි.

විවිධ ජාතීන් එකට එක්ව සිදුකරන්නාවූ ශක්තිමත් ප‍්‍රයත්නයක් මඟින් ඵලදායී ආකාරයට ආපදා සහන ප්‍රතිචාර දැක්වීමට හැකිවනු ඇති බව පෙන්වාදුන් ඒ මහතා මේ අභ්‍යාස මඟින් අදහස් සහ යහභාවිතයන් හුවමාරු වීම පමණක් නොව මේ සඳහා සහභාගීවන්නන් අතර වෘත්තීයමය සහ පෞද්ගලික සම්බන්ධතාවයන් වර්ධනය කරන වාතාවරණයන් ගොඩනැංවීමට අතිශයින් උපකාරීවී තිබෙන බවද පෙන්වා දෙයි.

තානාපතිවරයා මේ බව සඳහන් කළේ ත්‍රීකුණාමලයේ දී ඊයේ (25) ආරම්භ වූ 2018 පැසිෆික් සහයෝගිතා මෙහෙවර අමතමිනි.

2018 පැසිෆික් සහයෝගිතා මෙහෙවර පැවැත්වීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදා රෝහල් නෞකාව (USNS Mercy) ත්‍රීකුණාමල වරායට ඊයේ (25) සේන්දු වූ අතර පැසිපික් සහයෝගිතා 2018 වැඩසටහන මැයි මස 08 වැනිදා දක්වා පැවැත්වෙයි.

එක්සත් ජනපද සහ වෙනත් හමුදා වෛද්‍යවරුන් හා වෛද්‍ය වෘත්තිකයන් දේශිය ප්‍රජාවන් වෙත ප්‍රතිකාර ලබාදිම සහ ඔවුන් සමඟ ප්‍රශස්ත වෛද්‍යමය පිළිවෙත් හුවමාරු කර ගැනීම සඳහා ශ්‍රී ලාංකික වෛද්‍ය වෘත්තිකයන් සමඟ උරෙනුර ගැටෙමින් කටයුතු කිරීම මෙහිදී දැකගත හැකිවන අතර ඊට අමතරව, එක්සත් ජනපද සහ හවුල්කාර රටවල ජාතික සේවා සාමාජිකයන් දේශීය ප්‍රජාව තුළ පවතින සිවිල් ඉංජිනේරු ව්‍යාපෘති, මානුෂීය සහාය සැපයිම් සහ ආපදා සහන සුදානම් පුහුණු සහ මහජනතාව වෙත ගොස් සේවාවන් ලබාදීම වැනි කටයුතු සඳහා ශ්‍රී ලාංකික සම සහකරුවන් සමඟ එක්වී කටයුතු කරයි.

එහිදී වැඩිදුරටත් අඳහස් දක්වමින් නියෝජ්‍ය ප්‍රධානියා පෙන්වා දුන්නේ පැසිෆික් සහයෝගිතාව සංහිඳියාව, සෞභාග්‍ය සහ ආරක්ෂාව තහවුරු වු ශ්‍රී ලංකාවක් සඳහා එක්සත් ජනපදයේ කැපවීම වඩාත් සහතික කරනු ලබන බවත් ඒවාගේම එමඟින් අපගේ දෙරට අතර පාර්ශ්වකරණය ශක්තිමත් කිරීමට සහ පවත්වාගෙන යාමට අප තුළ පවත්නා කැපවීම මනාව පිළිඹිමු කරන බවත්ය.

මෙවර අපගේ නාවිකයන් පාසල් සහ සායන ගොඩනංවමින් ශ්‍රී ලාංකිකයන් සිය ගණනකට සෞඛ්‍ය සත්කාර ලබාදෙනු ඇති අතර ඒ වාගේම ඔවුන් ශ්‍රී ලාංකික වෘත්තීකයන් සමඟින් ඔවුන්ගේ ප්‍රවීණත්වයන් බෙදාහදා ගන්නා අතර එමඟින් අනාගතයේ දී තව බොහෝ දෙනෙකුට ප්‍රතිලාභ අත්වන බව සඳහන් කළ ඒ මහතා එසේම ඔවුන් ජාතීන් අතර සහයෝගීතාවය සහ ජාතීන් අතර පාර්ශ්වකරණයන්ට ශක්තිමත් පදනමක් දමනු ලබන සම්බන්ධතාවයන් ගොඩනංවනු ඇති බවද පැවසීය. ක් ද පවත්වන බව හෙතෙම කීවේය.

බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියා, කැනඩා සහ පෙරුවියන් පාර්ශ්වකරුවන් ද මෙයට සම්බන්ධවීම මඟින් මෙය අන්තර්ජාතික කටයුත්තක් බවට පත්වනු ඇත.

නාවිකයන් විසින් වෛද්‍ය සායනවල සිට නොමිලේ පැවැත්වෙන මහජන විනෝද සංදර්ශන දක්වා ඇමෙරිකාවෙන් ලැබෙන ප්‍රශස්ත හා ඉතාම මහඟු සේවාවන් රැසක් දේශීය ප්‍රජාවන් වෙත ගෙන එන අතර USNS Mercy නෞකාව අංග සම්පුර්ණ ශල්‍ය මෙහෙයුම් කාමර 12 ක්, ඇඳන් 1,000 කින් සමන්විත රෝහල් පහසුකම්, ඩිජිටල් විකිරණ සේවා, වෛද්‍ය රසායනාගාරයක්, ඔසුසලක්, අක්ෂි අංශය පිළිබඳ රසායනාගාරයක්, ස්කෑන් යන්ත්‍රයක් සහ ඔක්සිජන් නිෂ්පාදන යන්ත්‍ර දෙකකින් සමන්විත වෙයි. සුවිසල් හමුදා හෙලිකොප්ටර් ගොඩබැස්සවිම සඳහා ඉඩකඩ පවතින හෙලිකොප්ටර් යාත්‍රාංගණයකින් ද මේ නැව සමන්විත වේ.

2018 මෙහෙවර තුළ මේ නෞකාව බෙංග්කුලූ, ඉන්දුනිසියා සහ මැලේෂියාවේ ක්වාලාලම්පූර් යන ස්ථානවල නවාතැන් ගෙන මෙහෙවර ක්‍රියාත්මක කරන ලද අතර ශ්‍රී ලංකාවෙන් පිටත් වීමෙන් අනතුරුව එම නෞකාව, ඉන්දු-පැසිෆික් කලාපය තුළ හවුල්කාරිත්වයන්, මිත්‍ර සබඳතා, සහ බහුපාර්ශ්වික හවුල්කාරිත්වය සවිමත් කරමින් වියට්නාමය හා ජපානය වෙත සේන්දු වි මෙහෙවර සැලසිමේ නිරත විමට නියමිතව තිබේ. 

නව අදහස දක්වන්න