ඩීසල් මිල ඉහළ ගියොත් බස් ගාස්තුවත් ඉහළට | දිනමිණ

ඩීසල් මිල ඉහළ ගියොත් බස් ගාස්තුවත් ඉහළට

ඉන්ධන මිල සූත්‍රයට අනුව ඩීසල් මිල රුපියල් 05කින් ඉහළ ගියහොත් බස් ගාස්තුව රුපියලකින් ඉහළ දැමීමට කටයුතු කරන බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සමාගම් සම්මේලනය සඳහන් කරයි.

රුපියලට සාපේක්ෂව ඩොලරය දිනෙන් දිනම ඉහළ යමින් තිබෙන නිසා සමස්ත බස් කර්මාන්තයම දැඩි අර්බුදයකට ලක්ව තිබෙන බවද එම සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියංජිත් සඳහන් කළේය.

මේ අතර ඩොලරයට සාපේක්ෂව රුපියල කඩාවැටීම නිසා බස් කර්මාන්තයට ඍජු ලෙස බලපෑම් එල්ලවී තිබෙන බවත්, එවන් තත්ත්වයක් තුළ ඉන්ධන මිළ ඉහළ ගියහොත් එය බස් කර්මාන්තයට විශාල ලෙස බලපාන බවත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

 මේ අනුව ජූලි මාසයේදී සිදුවන බස්ගාස්තු සංශෝධනයේදී බස් ගාස්තුව සැලකිය යුතු මුදලකින් ඉහළ දැමීමට සිදුවන බවද එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසා සිටියේය.

නව අදහස දක්වන්න