කොළඹ ආරක්ෂාවට පොලීසියෙන් 3000ක් | දිනමිණ

කොළඹ ආරක්ෂාවට පොලීසියෙන් 3000ක්

 වෙසක් සමයේ ආරක්‍ෂාව හා රථ වාහන හැසිරවීම වෙනුවෙන් පොලීසිය විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පැවසීය.

කොළඹ නගරයේ ආරක්‍ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් තුන්දහසක් යොදවා ඇති බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.

පොලිස් මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මෙසේ ද කියා සිටියේය.

” මෙවර වෙසක් උත්සවය වෙනුවෙන් කොළඹ නගරය තුළ පමණක් තෝරණ 11ක් ඇතුළුව වෙසක් කලාප 05ක් තිබෙනවා…මේවා නැරඹීමට පැමිණෙන මහජනතාවගේ ආරක්ෂාව සඳහා අපි පොලිස් නිළධාරීන් 1900ක් යොදවනවා…නිළ ඇදුමෙන් වගේම සිවිල් ඇදුමෙනුත් යොදවනවා…රථ වාහන හැසිරවීමේ රාජකාරී සඳහා නිළධාරීන් 1100ක් යොදවනවා…සමස්ථ නිළධාරින් 3000ක ප්‍රමාණයක් කොළඹ නගරය තුළ රාජකාරියේ යෙදවීමට නියමිතව තිබෙනවා..වෙසක් කලාප ඇති මාර්ග වල ඒ මාර්ග අවහිර කිරීමෙන් වලකින්න කියලා අපි දැනුම් දීමක් කරනවා…වෙසක් දින කිහිපය තුළදී 2016 වර්ෂයේදී රිය අනතුරු 340ක් වාර්තාවෙලා තියනවා…2017 වර්ෂයේදී රිය අනතුරු 423ක් වාර්තා වෙනවා…උත්සහයක් දරමු මෙවර මේ වෙසක් දින කිහිපයේදී අනතුරු අවම කරගන්න..”

නව අදහස දක්වන්න