ACL කේබල්ස් සිය ස්විච් සහ සොකට් නිෂ්පාදන පෙළට ‘ACL Elegance’ එක්කරයි | දිනමිණ

ACL කේබල්ස් සිය ස්විච් සහ සොකට් නිෂ්පාදන පෙළට ‘ACL Elegance’ එක්කරයි

 ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කේබල් නිෂ්පාදකයා වන ACL කේබල්ස් සමාගම සිය ස්විච් සහ සොකට් නිෂ්පාදන පෙළට එක් කරන නවතම හඳුන්වාදීම ACL Elegance පසුගිය දා එළිදක්වන ලදී. ACL කේබල්ස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සුරේන් මදනායක මහතා විසින් ACL Elegance නිපැයුම් පෙළ එළිදැක් වූ අතර, එම නිපැයුම් පෙළෙහි සන්නාම නියෝජිතවරිය වන ප්‍රසිද්ධ රුසියානු නිරූපණ ශිල්පිණී ක්සේනියා ද මේ අවස්ථාවට සහභාගී වූවාය. පසුගිය දා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී උත්කර්ෂවත් අන්දමින් මේ හඳුන්වාදීම පැවැති අතර, බස්නාහිර පළාතේ ACL කේබල්ස් අලෙවි නියෝජිතවරුන් ද ඊට සහභාගී වී සිටියහ.

ACL Elegance නිපැයුම් මොරගහහේන ප්‍රදේශයේ පිහිටි ACL ඉලෙක්ට්‍රික් කර්මාන්තශාලාවේදී නිෂ්පාදනය කෙරෙන අතර, එය ACL කේබල්ස් පීඑල්සී සමූහයේ පූර්ණ හිමිකාරීත්වය යටතේ පවත්වාගෙන යනු ලබයි.


නව අදහස දක්වන්න

Or log in with...