SMART TRENDS INTERNATIONAL LANKA සහ වෘත්තීය පුහුණු අධිකාරිය අත්වැල් බැඳගනියි | දිනමිණ

SMART TRENDS INTERNATIONAL LANKA සහ වෘත්තීය පුහුණු අධිකාරිය අත්වැල් බැඳගනියි

 ‘ස්මාර්ට් ට්‍රෙන්ඩ්ස් ඉන්ටර්නැෂනල් ලංකා’ (SMART TRENDS INTERNATIONAL LANKA ) ආයතනය, ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය සමඟ උපායමාර්ගික සහයෝගීතාවකට එළඹෙමින්, ජාත්‍යන්තරයේ පිළිගැනීමට ලක්වන එක්සත් රාජධානියේ NCFE හී සහතිකපත් පාඨමාලාවක් මෙරටදී පිරිනැමීමට කටයුතු යොදා තිබේ. මේ සඳහා වන අවබෝධතා ගිවිසුම නිපුනතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු ඇමැති චන්දිම වීරක්කොඩි මහතාගේ සහභාගීත්වයෙන් ඉකුත්දා සිදුවිය.

ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපති ආචාර්ය ඉංජිනේරු ලයනල් පින්ටෝ සහ ‘ස්මාර්ට් ට්‍රෙන්ඩ්ස් ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා’ ප්‍රධාන විධායක ඩැටෝ ආචාර්ය එම්මානුවෙල් බෙන්සන් මහතා අදාළ දෙපාර්ශ්වය වෙනුවෙන් එම අවබෝධතා ගිවිසුම අත්සන් කළහ.

NCFE යනු සැලසුම්කරණයෙන්, වැඩිවර්ධනය කිරීමෙන් සහ ඉස්තරම්ම තත්ත්වය සහතික කරමින් ජාතික මට්ටමෙන් පිළිගැනීමට ලත් සුදුසුකම් සහ සම්මාන පිරිනමන ආයතනයකි.

මේ සුදුසුකම් මගින් ඒ ඒ සියලු මට්ටම්වල මිලියන ගණනක් වූ අධ්‍යාපන ලාභීන්ට සිය පෞද්ගලික ඉලක්කයන් සපුරා ගැනීම පිණිස දායකත්වය සපයා තිබේ. ඉකුත් වසරේ පමණක් විදුහල් සහ පුහුණු ආයතන 2000කට වැඩි සංඛ්‍යාවක 340,000 කට වැඩි පිරිසක් විසින් සිය ඉදිරි ගමන්මඟ සහතික කරනු ලබන ආයතනය ලෙසින් NCFE තෝරාගෙන තිබිණි.


නව අදහස දක්වන්න

Or log in with...