අංගම් පොර සටන් පූජාවක් කතරගම දී | දිනමිණ

අංගම් පොර සටන් පූජාවක් කතරගම දී

ඌව වෙල්ලස්සේ සටනට වසර 200ක් පිරීම නිමිත්තෙන් පන්නිපිටිය හෙළ රාවණා අංගම් තක්ෂිලාවේ සිසුන් හා ගුරුවරුන් සහභාගි වූ අංගම් පොර සටන් පූජාවක් පසුගියදා කතරගම පුදබිමේ දී පැවැත්විය. කතරගම දෙවියන් යනු සටන් කලාවට අධිපති දෙවියකු වේ. ලොව සිටින විවිිධ ජාතීන් සටනට අධිපති දෙවියන් ලෙස හදුන් වන කතරගම දෙවියන් ලොව බිහිසුණුම යුද්ධය වු සුර අසුර යුද්ධයේ දී අසුරයන් පරාජය කර දේව සේනාධිපති පදවියක් දරා සිටින බව කතරගම දෙවියන්ට කියවෙන යාතිකාවල සඳහන් වේ. මේ හේතූන් මුදුන්පත් කරගෙන ඉන්දියාවේද ලංකාවේ ද සටන් කලාවේ නිරතවන්නන් විසින් උතුම් කතරගම දෙවියන් වෙත පළමුව සටන් ක‍්‍රම විදහා දක්වමින් සටන් ක‍්‍රම රග දක්වා පුද පූජා තබයි. අංගම් පොර පුහුණු ගුරුවරුන් වන මොරටුව සුනිල් ප‍්‍රනාන්දු මහතා සහ පන්නිපිටිය සුරනිමල ගුරුවරුන්ගේ ප්‍රධානත්වයෙන් මේ අංගම් පොර පූජාව කතරගම දේවාලය අභියස දී පැවැත්විය.

කතරගම සංචාරක කේ. ඩී. දේවප්‍රිය

නව අදහස දක්වන්න