"පුනරුදයක ඇරඹුම මැයි 06 වැනි දා"- එජාප නව මහ ලේකම් | දිනමිණ

"පුනරුදයක ඇරඹුම මැයි 06 වැනි දා"- එජාප නව මහ ලේකම්

එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණ මතින් විජයග්‍රහණ කරා ගෙන යාමේ පුනරුදයක ඇරඹුම වැඩසටහන පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ  ප්‍රධානත්වයෙන් දියත් කිරීමට සැලසුම් කර ඇති බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
 
මීට සමගාමී ව පක්ෂයේ උන්නතිය වෙනුවෙන් කටයුතු කළ, මියගිය නායකයින් සිහිපත් කරමින්, පාක්ෂිකයන් මෙන්ම සමස්ත ජනතාවට සෙත්පතා සර්වරාත්‍රික පිරිත් සජ්ඣායනයක් සහ හීල් දානමය පින්කමක් සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැත්වීමට නියමිතය.
 
සර්වරාත්‍රික පිරිත් සජ්ඣායනය මැයි 6 වන ඉරිදා රාත්‍රී 9.00 ට ආරම්භ කර පසුදා පහන්වන තුරු පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කොට තිබේ. මැයි 07 වන සඳුදා උදෑසන 7.30 ට සියක් නමක් විෂයයෙහි හීල් දානමය පුණ්‍යකර්මයක් ද සිදු කිරීමට නියමිතයෙ.
 
මේ අතර  6 වන ඉරිදා රාත්‍රී සිට 07 වන සඳුදා උදෑසන තෙක් ජනතාව වෙනුවෙන් ආහාරපාන දන්සලක් ද සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබේ.

අදහස් 1ක් ඇත

I appreciate starting party reform from the HQ.

නව අදහස දක්වන්න