STF ගැටුමින් මරණයට පත් පාතාලයේ ප්‍රභලයා | දිනමිණ

STF ගැටුමින් මරණයට පත් පාතාලයේ ප්‍රභලයා

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන දිලිප් රෝහණ රොද්‍රිගෝ හෙවත් දිලීප නමැත්තා පොලිස් විශේෂ කාර්යය බලකායේ වෙඩි ප්‍රහාරයකින් මියගොස් තිබේ.

පොලිස් මූලස්ථානය සඳහන් කළේ අදාළ පුද්ගලයා තලාතුඔය මයිලපිටිය, ප්‍රදේශයේ නිවසක රැදී සිටින බවට ලැබුණු තොරතුරකට අනුව පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරීන් ඊයේ පස්වරුවේ එම නිවස වැටලු බවයි.

එහිදි අදාළ සැකකරු විසින් පොලීසියට වෙඩි තබා අැති අතර ආරක්ෂාව සඳහා පොලීසිය එල්ල කළ ප්‍රතිප්‍රහාරවලින් දිලීප නමැත්තා තුවාල ලබා මහනුවර රෝහල වෙත රැගෙන යන විට මියගොස් ඇති බව ද සදහන්.

සැකකරු සමග සිටි කාන්තාවක් ද පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

වත්තල හේකිත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන එම සැකකරු මීට මාස කිහිපයකට පෙර වත්තල ප්‍රදේශයේ දී වෙඩි තැබීමකින් මියගිය ඩි.මංජු නමැති සංවිධානාත්මක අපරාධකරුගේ ප්‍රධානතම සමීපතමයා ලෙස කටයුතු කළ අයෙකු වේ.

මංජු යන අයගේ මරණයෙන් පසුව මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවා ඇත්තේ ද ඔහු වන බව පොලිසිය ප්‍රකාශ කළේය.

2014 වසරේ දී කැලණිය ටයර් හංදිය ප්‍රදේශයේ දි ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු වූ සමෙල් සඳරුවන් යන අයට වෙඩි තැබීම සම්බන්ධයෙන් ද මියගිය අදාළ සැකකරු ඇප මත සිටි පුද්ගලයෙකු බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

නව අදහස දක්වන්න