අන්තරේ පා ගමනට අධිකරණයෙන් වාරණයක් | දිනමිණ

අන්තරේ පා ගමනට අධිකරණයෙන් වාරණයක්

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය දියත් කර ඇති පා ගමනට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර ඇත.

අදාළ විරෝධතාව සාමකාමීව සිදුකරන ලෙසත් ,ජනතාවට අවහිර වන ලෙස පා ගමනේ නිරතවීම සහ රාජ්‍ය ආයතනවලට බලහත්කාරයෙන් ඇතුලූවීම ද එමඟින් තහනම් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

ඒ අනුව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු ළහිරු චතුරංග වීරසේකර, වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ රයන් ජයලත් වන අවයළුන් හෝ ඉන් පිරිසක් හෝ ඉන් අයකු විසින් මෙහෙයවන පෙළපාලි හා උද්ඝෝෂණය සාමකාමීව හා නීත්‍යානුකූල අයුරින් පවත්වාගෙන යාමට හැකියාවක් ඇති නමුදු, එම පෙළපාලිය / උද්ඝෝෂණ පවත්වාගෙන යාමේ මහජනයාට හා වාහන වලට බාධාවක්, අනතුරක්, කරදරයක් සිදුවන ආකාරයට මහ මාර්ගයේ ගමන් කිරීමෙන් / පවත්වාගෙන යාමෙන් වැළකී සිටිය යුතු බව සදහන් කර තිබේ.

නව අදහස දක්වන්න